එමරල්ඩ් විතරක් නෙවෙයි!
අපි කලින් කිව්වා කොළ පාට ගලක් ෆිල්ටරයට රතු වෙනවා නම් ඒක එමරල්ඩ් කියලා. හැබැයි තවත් වටිනා කොළ පාට ගල් වර්ග දෙකක් තියෙනවා මේ විදිහටම රතු වෙන.
ඒ තමයි ගානට් පවුලේ සාමාජිකයින් වන:
දීප්තිමත් කොළ පාට ගානට්.
දියමන්ති වගේ දිලිසෙන කොළ ගානට්.
🔴 ෆිල්ටර් පරීක්ෂාව: මේ දෙකෙත් "ක්‍රෝමියම්" තියෙන නිසා, චෙල්සි ෆිල්ටරයෙන් බලද්දී රෝස/රතු (Pinkish/Red) පාටක් පෙන්වනවා.
එහෙනම් කොළ ටුවර්මලින් වලින් මේවා වෙන් කරන්නේ කොහොමද?
ෆිල්ටරයට කොළ පාටටම පෙනේ. (රතු නොවෙයි).
මේ ගල් දෙක හදුනාගන්න තවත් පහසු ක්‍රමයක් තියෙනවා:
මෙහි බොහෝ විට "Horsetail" (අශ්ව වලිගය) හැඩැති කෙඳි වැනි අන්තර්ගතයන් (Inclusions) දැකිය හැක. මෙය ඩිමන්ටොයිඩ් වලටම ආවේණික ලක්ෂණයකි.
මෙහි අශ්ව වලිග හැඩැති අන්තර්ගතයන් නොමැත. ඒ වෙනුවට කුඩා ස්පටික හෝ දියර පිරුණු ඇඟිලි සලකුණු (Fingerprints) වැනි දේ දැකිය හැක.
ඔබට "කොළ ටුවර්මලින්" කියලා කවුරුහරි ගලක් විකුණන්න හදනවා. ඔබ ෆිල්ටරයෙන් බලද්දී ඒක "රතු පාටට" පෙනුනොත්?
වහාම ඒක ගන්න!
මොකද ඒක ටුවර්මලින් නෙවෙයි, ඊට වඩා ගොඩක් වටිනා Tsavorite එකක් වෙන්න පුළුවන්. (හෝ එමරල්ඩ් එකක්). කොහොම වුනත් ඔබට ලාභයි!
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි..........
