9
රු. 500 එකක් ද? රු. 5000 එකක් ද?
හොඳ චෙල්සි ෆිල්ටරයක් තෝරා ගන්නේ කොහොමද? (අවසාන ලිපිය)
දැන් ඔබ දන්නවා මේ පොඩි ගැජට් එකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා කියලා. ඔබ වෙළඳපොලට ගියාම විවිධ මිල ගණන් වලට ෆිල්ටර් තියෙනවා. මොකක්ද ගන්න ඕනේ?
✅ 1. වීදුරු ෆිල්ටර්
(Glass Filter)
(Glass Filter)
මෙය තමයි හොඳම වර්ගය. මෙහි ඇත්තේ විශේෂිත වර්ණ කාරක යෙදූ නියම වීදුරු කාචයකි (Dichromatic Glass).
👍 වාසිය: වර්ණ වෙනස ඉතා පැහැදිලියි. කල් පවතිනවා. සීරෙන්නේ නෑ.
💰 මිල: ටිකක් වැඩියි (රු. 3000 - 8000 අතර).
❌ 2. ප්ලාස්ටික් ෆිල්ටර්
(Plastic Lenses)
(Plastic Lenses)
ලාභ චීන වර්ග වල තියෙන්නේ ප්ලාස්ටික් කෑල්ලක්.
👎 අවාසිය: කාලයත් එක්ක පාට වෙනස් වෙනවා. හරිම ප්‍රතිඵලය පෙන්වන්නේ නෑ. වීදුරු ගල් පවා රතු නොවී පෙනෙන්න පුළුවන්.
⚠️ ලාභ බඩුවේ හිලක්!
🛠️ නඩත්තු කිරීම:
- 🌡️ ෆිල්ටරය රස්නයට තියන්න එපා. (පාට වෙනස් වෙන්න පුළුවන්).
- 🚫 තිනර් හෝ සැර කෙමිකල් ගාන්න එපා.
- 🧼 10x කාචය වගේම පිරිසිදුව තියාගන්න.
"හොඳ ෆිල්ටරයක් අරගෙන සාක්කුවේ දාගන්න. කවදාහරි දවසක ඒක ඔබට ලක්ෂ ගණනක් බේරලා දේවි."
සැකසුම: අසංග ගුණතිලක
