මැණික් මල්ලේ ඇති "බොරු සෙවුම් යන්ත්‍රය"
මැණික් ගලක් දිහා නිකම්ම බැලුවට එහි නියම අනන්‍යතාවය පෙනෙන්නේ නැහැ. රතු පාට ගලක් රූබිද? ස්පිනල්ද? ගානට්ද? වීදුරුද? මේ ප්රශ්නය විසඳගන්න ලොකු ලැබ් (Lab) ඕන නැහැ. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් "ඩයික්‍රෝස්කෝප්" (Dichroscope) එකක් තිබුණාම ඇති.
මොකක්ද මේ ඩයික්රස්කෝප් එක
මෙය කුඩා ටියුබ් එකක් වගේ උපකරණයක්. මේක ඇතුළේ විශේෂ කැල්සයිට් (Calcite) කැබැල්ලක් තියෙනවා. එමගින් අපි බලන ගලෙන් එන ආලෝකය කොටස් දෙකකට වෙන් කරලා පෙන්වනවා.
මෙයින් කරන්නේ මොකක්ද?
සරලවම කිව්වොත්, ගලක් "ඒක වර්තනද?" (SR) නැත්නම් "ද්විත්ව වර්තනද?" (DR) කියලා හොයාගන්න එක.
නිල් මැණික්, රූබි, ටුවර්මලින් වගේ ගල්.
ස්පිනල්, ගානට්, දියමන්ති සහ වීදුරු.
නිවැරදිව භාවිතා කරන පියවර:
-
💡ආලෝකය: හොඳ සුදු ආලෝකයක් (White Light / Pen Torch) ගලට පිටුපසින් හෝ යටින් අල්ලන්න.
-
🔭පිහිටීම: ඩයික්‍රෝස්කෝප් එකේ වීදුරු කවුළුවට ඉතාම ළඟින් ගල තබාගන්න.
-
👀නිරීක්ෂණය: දැන් අනිත් පැත්තේ ඇති කුඩා කාචයෙන් බලන්න. ඔබට කොටු හැඩැති "කවුළු දෙකක්" (Two Windows) පෙනේවි.
-
🔄කැරකැවීම: ගල සෙමින් එහා මෙහා කරමින් කරකවන්න.
ඔබ දකින්නේ කුමක්ද?
කවුළු දෙකේ පාට දෙකක් හෝ එකම පාටේ අඩු වැඩි වීමක් (Dark/Light) පෙනේ නම්, එය අනිවාර්යයෙන්ම ද්විත්ව වර්තන (DR) ගලකි.
උදා: රූබි, නිල් මැණික්. (වීදුරු හෝ ස්පිනල් වෙන්න බැහැ).
ඔබ කොයි පැත්තට කැරකැව්වත් කවුළු දෙකේම පෙනෙන්නේ එකම පාටක් නම්, එය ඒක වර්තන (SR) ගලකි.
උදා: ස්පිනල්, ගානට් හෝ වීදුරු විය හැක.
ඔබ ළඟ ඩයික්‍රෝස්කෝප් එකක් තියෙනවාද? නැත්නම් තාම පාවිච්චි කරන්නේ 10x කාචය විතරද? එසේමනම් අලුතින් හිතන්න කාලයයි මේ
සැකසුම: අසංග ගුණතිලක
