මැණික් ගලක් ඇතුළේ ඇති "ඉනිමග" (The Ladder)
ස්පෙක්ට්‍රස්කෝප් එක පාවිච්චි කරන්න අමාරුයි කියලා හිතෙනවාද? එහෙනම් මුලින්ම පරීක්ෂණ කරන්න ගන්න ඕනේ ගල තමයි "සර්කෝන්" (Zircon).
මන්ද? මැණික් ලෝකයේ ලේසියෙන්ම හඳුනාගන්න පුළුවන් "ස්පෙක්ට්‍රම්" (Spectrum) එක තියෙන්නේ සර්කෝන් වලටයි.
ඔබ ආලෝකය හරියට සෙට් කරලා සර්කෝන් ගලක් දිහා බැලුවොත්, දේදුන්න හරහා කළු පාට ඉරි ගොඩක්, හරියට "ඉනිමගක පඩි පෙළක්" (Ladder Pattern) වගේ පෙළ ගැසී ඇති ආකාරය දැකගන්න පුළුවන්.
බොහෝ සර්කෝන් වල ඉතා කුඩා ප්‍රමාණ වලින් "යුරේනියම්" (Uranium) මූලද්‍රව්‍ය අඩංගුයි. මෙම යුරේනියම් මගින් ආලෝකය උරා ගන්නා ආකාරය නිසා තමයි මේ තරම් පැහැදිලි ඉරි රටාවක් මැවෙන්නේ.
පතල් වල සමහර වෙලාවට හම්බෙන දුර්වල පාට (Pale color) තියෙන කහ සෆායර් (Yellow Sapphire) සහ කහ පාට සර්කෝන් පැටලෙන්න පුළුවන්.
ස්පෙක්ට්‍රස්කෝප් එකෙන් බැලුවම "ඉනිමග" බොහෝ විට ඝනව විහිදිලා තියෙනවානම් ඒක බොහෝ විට සර්කෝන් වෙන්න පුලුවනි. (නිල් මැණික් වල මේ වගේ ඉරි ගොඩක් පේන්නේ නෑ).
ඔබ ළඟ සර්කෝන් ගලක් තියෙනවාද? අදම ඒක ටෝච් එක උඩ තියලා මේ "ඉනිමග" හොයාගන්න උත්සාහ කරන්න.
(මැණිකක් තුලින් ආලෝකය යැවූ විට, එම මැණික විසින් උරා ගත් ආලෝක වර්ණ වෙනුවට කළු ඉරි ලෙස පෙන්වන සටහන)
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි.......
