නිල් මැණික්ද? නිල් වීදුරුද?
ඔබට කවුරුහරි දීප්තිමත් නිල් පාට ගලක් පෙන්නලා "මේක හොඳ නිල් මැණිකක්, අඩුවට දෙන්නම්" කිව්වොත්, ඔබ කොහොමද ඒක ඇත්තම නිල් මැණිකක් කියලා තහවුරු කරගන්නේ?
10x කාචයෙන් බලද්දී ඇතුළේ දෝෂ මුකුත් නැති, ඉතා පිරිසිදු ගලක් නම්, සැකයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. මොකද එය ඉතා පිරිසිදු ස්වභාවික මැණිකක් වෙන්නත් පුළුවන්, නැත්නම් ඒ වගේම හදපු "නිල් පාට වීදුරු" (Blue Glass) වෙන්නත් පුළුවන්.
ස්වභාවික නිල් මැණික් වලට ඒ පාට එන්නේ යකඩ සහ ටයිටේනියම් කියන මූලද්‍රව්‍ය නිසා. මේ යකඩ (Iron) නිසා ගලේ ස්පෙක්ට්‍රම් එකේ විශේෂ සලකුණක් ඇති වෙනවා.
ඔබ ස්වභාවික නිල් මැණිකක් හරහා ආලෝකය යවා බැලුවොත්, දේදුන්නෙහි නිල් සහ කොළ පාට එකතු වන ප්‍රදේශයේ (Blue-Green area) ඉතා පැහැදිලි කළු ඉරි තුනක් (A group of 3 lines) එකට පොකුරු ගැසී ඇති ආකාරය බොහෝ විට දැකගත හැක.
450 nm Complex
✅ තේරුම: මේ ඉරි පෙනුනොත්, ඒකෙන් කියවෙන්නේ ඒ ගලේ යකඩ තියෙනවා කියන එකයි. (ස්වභාවික නිල් මැණික් වල ලක්ෂණයකි).
බොහෝ නිල් පාට වීදුරු වලට වර්ණය ලබා දෙන්නේ "කොබෝල්ට්" (Cobalt) වැනි ඩයි වර්ග වලිනි.
මේවා ස්පෙක්ට්‍රම් එකෙන් බලද්දී, අර නිල් මැණිකේ පෙනෙන තියුණු යකඩ ඉරි තුන පෙනෙන්නේ නැත.
❌ වෙනස: ඒ වෙනුවට, තැඹිලි සහ රතු පාට ප්‍රදේශ වල බොඳ වූ පළල් පටි (Broad bands) පෙනෙන්නට පුළුවන්.
සරලවම කිව්වොත්, වීදුරු වල ස්පෙක්ට්‍රම් එක නිල් මැණිකේ එකට වඩා හාත්පසින්ම වෙනස්.
සමහර ඉතා පිරිසිදු (ලංකාවේ හෝ කාෂ්මීරයේ) නිල් මැණික් වල යකඩ ප්‍රමාණය ඉතා අඩු නිසා මේ ඉරි නොපෙනී යන්නත් පුළුවන්.
නමුත්, යම් ගලක මේ "යකඩ ඉරි පොකුර" (Iron Line Cluster) පැහැදිලිව පෙනුනොත්, ඔබට සහතික වෙන්න පුළුවන් එය වීදුරු නොවන බවට.
ඔබ නිල් මැණික් වල මේ "යකඩ ඉරි" දැකලා තියෙනවද? එසේනම් අපිත් සමග ඒ අත්දැකීම බෙදාගන්න අමතක කරන්න එපා...
සැකසුම: අසංග ගුණතිලක
