www.manikgal.lk

ගානට් සහ වීදුරු කරන “බොරු දිලිසීම” (ADR) හඳුනා ගන්නේ කෙසේද?

by Asanga Gunathilaka
0 comments 3 mins read

රැවටෙන්න එපා!

ගානට් සහ වීදුරු කරන "බොරු දිලිසීම" (ADR) හඳුනා ගන්නේ කෙසේද? (හතරවෙනි ලිපිය)

අපි කලින් පාඩමෙන් ඉගෙන ගත්තා "ගලක් දිලිසෙනවා නම් (Blink), ඒක ද්වී වර්තන මැණිකක් (DR)" කියලා.

⚠️ හැබැයි පරිස්සම් වෙන්න!

ගානට් (Garnet), ස්පිනල් සහ වීදුරු කියන්නේ SR (තනි වර්තන) ගල් වුනත්, සමහර වෙලාවට මේවා පෝලරිස්කෝප් එකේදී බොරුවට දිලිසෙන්න පුළුවන්.

🔍 මොකක්ද මේ ADR?

අපි මේකට කියන්නේ ADR (Anomalous Double Refraction) හෙවත් "අසාමාන්‍ය ද්විත්ව වර්තනය" කියලා. මේකට රැවටුනොත් ඔබ ගානට් ගලක්, රූබි ගලක් කියලා වැරදියට හිතන්න පුළුවන්.


ඇයි මෙහෙම වෙන්නේ? ස්වභාවික ගල් පොළොව යට හැදෙනකොට හෝ වීදුරු කර්මාන්තශාලාවේදී නිවෙනකොට, ඒ ඇතුළේ ලොකු "පීඩනයක්" (Internal Strain) ඇති වෙනවා. ඒ නිසා පරමාණු වල වෙනස්කම් සිදුවී, SR ගලක් වුනත් DR ගලක් වගේ දිලිසෙන්න ගන්නවා.

🕵️ ඇත්ත දිලිසීම සහ බොරු දිලිසීම වෙන් කරන්නේ කොහොමද?

නියම දිලිසීම (True DR)

(Sapphire / Ruby)

  • ඔබ ගල කරකවන විට, මුළු ගලම එකවර අඳුරු වේ (Whole stone extinction).
  • ඉතා පිරිසිදු, පැහැදිලි "බ්ලින්ක්" වීමක් දැකගත හැක. අඳුරු වන විට මුළු ගලම "කළුවරට" යයි.
බොරු දිලිසීම (ADR)

(Garnet / Glass / Spinel)

  • මෙහි දිලිසීම "පැල්ලම් සහිතයි" (Patchy).
  • ගල කරකවන විට මුළු ගලම එකපාර අඳුරු වෙන්නේ නෑ. හරියට ගල ඇතුළේ කළු පාට සෙවනැලි හෝ ඉරි (Cross-hatch pattern) එහා මෙහා දුවනවා වගේ පෙනේ.
  • ගල කවදාවත් 100%ක් සම්පූර්ණයෙන්ම කළුවර වෙන්නේ නෑ. නිකම් "අළු පාට" (Grey) ගතියක් තියෙනවා.
💡 ව්‍යාපාරික උපදෙස (Pro Tip):

පෝලරිස්කෝප් එකෙන් බලද්දී ගල ගැන සැකයක් ආවොත් (මේක ADR ද දන්නේ නෑ කියලා හිතුනොත්), වහාම ඩයික්‍රෝස්කෝප් (Dichroscope) එක අතට ගන්න.

පෝලරිස්කෝප් එකේ දිලිසුනාට, ඩයික්‍රෝස්කෝප් එකේ පේන්නේ "එක පාටක්" නම් -> ඒක අනිවාර්යයෙන්ම ගානට් හෝ වීදුරු (ADR). (රූබි වෙන්න බෑ).

👉 ඊළඟ ලිපිය:

"කෘතීම ස්පිනල් අතේ මාට්ටු කරන (Snake Bands) හඳුනා ගනිමු."

Leave a Comment

You may also like