www.manikgal.lk

ගලඇතුළේ (The Snake bands) තියෙනවාද? – කෘතීම ස්පිනල් තත්පරයෙන් අල්ලා ගනිමු

by Asanga Gunathilaka
0 comments 3 mins read

ගල ඇතුළේ "නයා" (The Snake bands) තියෙනවාද?

කෘතීම ස්පිනල් තත්පරෙන් අල්ලා ගනිමු (පස්වන ලිපිය)

ඔබ දන්නවාද? වෙළඳපොලේ බහුලවම තිබෙන කෘතීම ගලක් තමයි "Synthetic Spinel". මේවා විවිධ පාට වලින් (නිල්, aquamarine පාට, ලා රතු) එනවා. පෙනුමෙන් ස්වභාවික ගලක් වගේමයි.

හැබැයි මේ හොර ගල පෝලරිස්කෝප් එකට දාපු ගමන්, ගල ඇතුළේ ඉන්න "නයා" 🐍 එළියට එනවා.

🔬 මොකක්ද මේ "නයා" (Snake Bands)?

විද්‍යාත්මකව මේකට කියන්නේ "Tabby Extinction" කියලා.

කෘතීම ස්පිනල් හදන්නේ ලැබ් එකේ ඉතා ඉක්මනින් (Verneuil Process). මේ නිසා ගල ඇතුළේ අසාමාන්‍ය පීඩනයක් (Strain) ඇතිවෙලා තියෙනවා.

🕵️ හඳුනාගන්නා ආකාරය:

1. පෝලරිස්කෝප් එක "කළු කරගන්න" (Crossed Polars) ➔ 2. ගල තබා කරකවන්න
💎 ස්වභාවික ස්පිනල්

ස්වභාවික ස්පිනල් ගලක් නම් බොහෝ විට කළුවරේම ඉන්නවා (Ghost-like). එයට ආලෝකයේ බලපෑමක් නැත.

🐍 කෘතීම ස්පිනල්

ගල කරකවන විට කළු පාට ඉරි සහ සුදු පාට ඉරි එකිනෙක කැපෙන දැලක් වගේ රටාවක් (Cross-hatch pattern) එහා මෙහා දුවනවා පෙනේවි.

මෙය හරියට "නයාගේ ඇඟේ තියෙන රටාව" හෝ "පැදුරක් වියලා තියෙනවා" වගේ පෙනේ.
⚠️ ව්‍යාපාරික අවවාදය:

ඔබට ලැබෙන පාර්සලයක තියෙන ලා නිල් පාට හෝ දියමන්ති වගේ සුදු පාට ගල් පෝලරිස්කෝප් එකට දාලා බලන්න. මේ "නයා රටාව" දැක්කොත් පරිස්සම් වෙන්න. ඒ අනිවාර්යයෙන්ම කෘතීමයි.

(ස්වභාවික ස්පිනල් වල මේ වගේ පැහැදිලි "නයා රටාවක්" එන්නේ නෑ).

👉 මේ ලිපි මාලාවෙ අවසන් ලිපිය:

"මැණිකේ 'ඇස' (Optic Figure) සොයමු"

කොනොස්කෝප් (Conoscope) එක භාවිතා කර ක්වාට්ස් සහ සෆයර් වෙන් කරගන්නා හැටි ඉගෙන ගමු.

Leave a Comment

You may also like