අන්ධකාරයේ පෙනෙන ආලෝකය
අපි සාමාන්‍ය ටෝච් එකක් මැණිකකට ඇල්ලුවොත් වෙන්නේ ආලෝකය ගල හරහා යන එක විතරයි.
ඒත් ඔබ UV ටෝච් එකක් (Ultraviolet) ගලකට ඇල්ලුවොත්, සමහර ගල් ඇතුළෙන් පුදුමාකාර ආලෝකයක් ආපහු එළියට විහිදුවනවා.
🔋 මොකක්ද මේ වෙන්නේ?
අපි මේකට කියන්නේ "ප්‍රතිදීප්තිය" (Fluorescence) කියලා.
UV ආලෝකය කියන්නේ අපේ ඇහැට පෙනෙන්නේ නැති අධි-ශක්ති කිරණ විශේෂයක්. මේක මැණිකක් උඩට වැටුනම, ගල ඇතුළේ තියෙන සමහර මූලද්‍රව්‍ය (විශේෂයෙන්ම ක්‍රෝමියම්) මේ ශක්තිය උරාගෙන, එය නැවත "විශේෂ පාටක්" විදිහට එළියට විසි කරනවා.
"නිකන් ගලක් වගේ තියෙන රූබි කැටයක්, UV එළිය වැදුනම රතු පාට බල්බ් එකක් පත්තු කළා වගේ දිලිසෙන්න ගන්නේ ඒකයි."
💼 ව්‍යාපාරිකයෙකුට මෙය වැදගත් ඇයි?
මඩ ගොඩක තිබුණත් රූබි කැටය UV එකට රතු පාටින් දිලිසෙනවා. පතල් වල ගල් හෝදන කොට මේක පාවිච්චි කරන්න පුලුවනි.
සමහර කෘතීම ගල් ස්වභාවික ඒවාට වඩා "අසීමිතව" දිලිසෙනවා.
සමහර හීට් කරපු නිල් ගල් වල මතුපිට "හුණු" (Chalky) ගතියක් පෙන්වනවා. (ස්වභාවික නිල් සාමාන්‍යයෙන් කලු ගතියක් පෙන්වන්නේ).
මෙකෙන් ලේසියෙන්ම සිට්රීන් (Citrine) වගේ ගල් වලින් කහ ගල් (Yellow Sapphire) වෙන්කරගන්න පුලුවන්. (තැඹිලි පාටට පේනවා).
ඉදිරි ලිපි කීපයෙන් අපි බලමු කොහොමද මේ පොඩි ටෝච් එකෙන් ලක්ෂ ගණනක තීරණ ගන්නේ කියලා.
🔦 ඔබ ළඟ තියෙන්නේ දම් පාට එළියක් එන ටෝච් එකක්ද? නැත්නම් සුදු/නිල් පාටට හුරු එළියක් එන ටෝච් එකක්ද?
(මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා!)
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි......
