www.manikgal.lk

නිල් මැණිකේ “හුණු පාට” (The Chalky Trail) – හීට් කරපු (Heat Treatment) නිල් ගල් UV එළියෙන් අල්ලන හැටි

by Asanga Gunathilaka
0 comments 3 mins read

නිල් මැණිකේ "හුණු පාට" (The Chalky Trail)

හීට් කරපු ගල් (Heat Treatment) UV එළියෙන් අල්ලන හැටි (පස්වන ලිපිය)

ලංකාවේ "ගෙවුඩ" ගල්, තාපය (Heat) ලබා දීලා වටිනා නිල් මැණික් බවට පත් කරන බව අපි කවුරුත් දන්නවා. මෙය ඉතා සාර්ථක ක්‍රමයක්. හොඳට හීට් කරපු ගලක්, ස්වභාවික ගලකින් වෙන් කරගන්න හරිම අමාරුයි.

නමුත් UV ටෝච් එකට මේ රහස එළි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි මේකට කියන්නේ "Chalky Fluorescence" (හුණු වැනි ප්‍රතිදීප්තිය) කියලා.

🥛 මොකක්ද මේ "හුණු" ගතිය?

ඉතා ඉහළ උෂ්ණත්වයකදී (High Temp Heat) පිලිස්සූ සමහර නිල් මැණික්, විශේෂිත UV ආලෝකයක් යටතේ බලන විට...

එහි මතුපිට හරියට "සුදු කිරි පැහැ ගතියක්" හෝ "දිය කරපු හුණු" වගේ මීදුම් සහිත නිල්/සුදු පැහැයකින් දිලිසෙන්න ගන්නවා.

Milky / Chalky Blue Glow

ස්වභාවික (No Heat) නිල් මැණික්: මේ "හුණු ගතිය" පෙනෙන්නේ නැහැ. ඒවා බොහෝ විට අඳුරුයි (Inert).

⚠️ වැදගත් තාක්ෂණික කාරණය:

මේ පරීක්ෂාව සඳහා සාමාන්‍ය දම් පාට ටෝච් එක (Long Wave - 365nm) එතරම් සාර්ථක නෑ.

මේ "හුණු ගතිය" හොඳටම පෙනෙන්නේ Short Wave (SWUV - 254nm) කියන විශේෂ UV එළියටයි.

(ඔබ ලොකු මුදලක් දීලා ගත්ත Gemology UV Torch එකක බොහෝ විට මේ ස්විචය (SW) තියෙනවා).

🛠️ පරීක්ෂා කරන හැටි:
🌑 කාමරය අඳුරු කරන්න.
ගල කළු රෙද්දක් උඩ තියන්න.
🔦 Short Wave (SW) එළිය අල්ලන්න. (⚠️ පරිස්සම් වෙන්න, මේ එළිය ඇස් වලට අහිතකරයි. කෙලින් බලන්න එපා).
👀 නිරීක්ෂණය: ගල මතුපිට "මීදුමක් වගේ" බොඳ වෙච්ච නිල්/කොළ එළියක් පෙනෙනවාද? එහෙනම් ඒක "හීට් කරපු" ගලක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
සැලකිය යුතුයි: හැම හීට් කරපු ගලක්ම මෙහෙම දිලිසෙන්නේ නෑ. නමුත් යම් ගලක් මෙහෙම දිලිසුනොත්, ඒකෙන් ලැබෙන්නේ ලොකු ඉඟියක්!

👉 මීලග ලිපිය:

ඊළඟට තියෙන භයානකම දේ තමයි "දෝෂ වසන් කිරීම" (Treatments / Filling).

ඉරිතැලුනු මැණික් වලට තෙල් (Oil) හෝ වීදුරු (Glass Filling) පුරවලා විකුණනවා. UV ටෝච් එකෙන් මේ "පුරවපු දේවල්" අල්ලගන්නේ කොහොමද? කියලා බලමු.

Leave a Comment

You may also like