"ඇයි මට මුකුත් පේන්නේ නැත්තේ?"
ඔබ ස්පෙක්ට්‍රස්කෝප් එකක් ගෙනාවාද? ගලක් තියලා බැලුවාද? අන්තිමට දැක්කේ කළු පාට "අන්ධකාරයක්" විතරද?
බය වෙන්න එපා. 90%ක් දෙනා මුලින්ම අත්විඳින ගැටළුව ඕකයි.
ස්පෙක්ට්‍රස්කෝප් එක කියන්නේ 10x කාචය වගේ නිකම්ම බලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට "ආලෝකය හසුරුවන ක්‍රමයක්" (Lighting Technique) තියෙනවා.
ඔබට කළු ඉරි (Absorption Lines) පේන්නේ නැත්තේ මේ හේතු 3 නිසයි:
ගෙදර තියෙන බල්බ් එළියෙන් හෝ ෆෝන් එකේ ටෝච් එකෙන් ස්පෙක්ට්‍රම් බලන්න අමාරුයි.
ගල උඩින් ලයිට් එක ගහලා ස්පෙක්ට්‍රම් බලන්න බැහැ. ආලෝකය ගල හරහා ගමන් කළ යුතුයි.
ස්පෙක්ට්‍රස්කෝප් එකේ ආලෝකය ඇතුල් වන පැත්තේ කුඩා හිලක් හෝ ඉරක් (Slit) තිබෙනවා. මෙය කෙලින්ම ගල දෙසට එල්ල විය යුතුයි. ඔබ අතින් මෙය වැසී ඇත්නම් ඔබට මුකුත් පෙනෙන්නේ නැත.
මුලින්ම බලන්න පුරුදු වෙන්න "සර්කෝන්" (Zircon) ගලක් ගන්න. එහි ඉරි ඉතා තදින් සහ පැහැදිලිව පෙනෙන නිසා ඔබේ ඇස පුහුණු කරගන්න ලේසියි.
දැන්ම ටෝච් එකක් අරන් ට්‍රයි කරලා බලන්න. හරි ගියොත් අපිට කියන්න.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි.........
