16
ලෝකයේ දුර්ලභම මැණික් (14 ළිපිය)
විශ්වයේ පැරණිතම ඛනිජයක්, පෘථිවියේ අති දුර්ලභ මැණිකක් "හිබොනයිට්" (Hibonite)
✨ ☄️ ✨
ඔබ අභ්‍යවකාශයට කැමතිද?
හිබොනයිට් කියන්නේ සමහර උල්කාපාත (Meteorites) වල තියෙන ප්‍රධාන ඛනිජයක්. එය සෞරග්‍රහ මණ්ඩලයේ මුලින්ම හැදුනු දේවල් වලින් එකක්.
නමුත් පෘථිවිය මතදී හමුවන, කපලා ඔප දාන්න පුළුවන් (Gem Quality) හිබොනයිට් ගල් අතිශය දුර්ලභයි.
📜 සොයාගැනීම:
1953 වසරේදී මැඩගස්කර් දූපතේදී ප්‍රංශ ජාතික ගවේෂක Paul Hibon විසින් මෙය සොයාගත්තා. ඔහුගේ නමින් ගලට "Hibonite" කියා නම් තැබුවා.
⚫ පෙනුම (The Hidden Color)
බොහෝ හිබොනයිට් ගල් තද කළු පාටයි (Opaque). නමුත් මියන්මාරයෙන් (Mogok) සහ මැඩගස්කර් වලින් හමුවන ඉතා දුර්ලභ ගල් විශේෂයි.
ඒවා බැලූ බැල්මට අඳුරුයි. නමුත් ආලෝකයක් ඇල්ලූ විට:
තද රන්වන් දුඹුරු (Golden Brown) හෝ තැඹිලි (Orange) පාටක් විහිදුවනවා.
💰 වටිනාකම:
විනිවිද පෙනෙන (Transparent) හිබොනයිට් ගලක් සොයාගැනීම ඉතාම අපහසුයි. ලෝකයේ ඇති එවැනි ගල් ප්‍රමාණය ඉතා සීමිත නිසා මෙය එකතු කරන්නන් (Collectors) අතර ඉතා ඉහළ මිලක් ගනී.
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
