www.manikgal.lk

මැණික “ගම් ගාලා” අලවලාද? – ඉරිතැලීම් වසන Glass Filling සහ Oil, UV එළියෙන් අල්ලන හැටි

by Asanga Gunathilaka
0 comments 3 mins read

මැණික "ගම් ගාලා" අලවලාද?

Glass Filling සහ Oil, UV එළියෙන් අල්ලන හැටි (හයවන ලිපිය)

ඔබ දන්නවාද? ලස්සනට පෙනෙන සමහර රූබි සහ එමරල්ඩ් ගල්, ඇත්තටම ඇතුළෙන් කුඩු වෙන්න ගිය ගල් වෙන්න පුළුවන්.

ව්‍යාපාරිකයින් මේවායේ ඉරිතැලීම් පිරවීමට විවිධ දේවල් භාවිතා කරනවා. මේවා පියවි ඇසට පේන්නේ නෑ. ඒත් UV ටෝච් එකට මේවා හංගන්න බෑ.

🔴 රූබි (Ruby)

ඊයම් මිශ්‍ර වීදුරු පුරවයි
(Lead Glass Filling).

🌿 එමරල්ඩ් (Emerald)

විශේෂ තෙල් වර්ග හෝ රෙසින් පුරවයි
(Oiling/Resin).

🕸️ 1. රූබි වල වීදුරු පිරවුම් (The Spider Web)

ස්වභාවික රූබි ගල UV එළියට රතු පාටින් දිලිසෙන බව අපි දන්නවා.

නමුත්, ඉරිතැලීම් අස්සේ පුරවා ඇති "වීදුරු" (Lead Glass) UV වලට දිලිසෙන්නේ නෑ (හෝ නිල් පාටට හුරු අඳුරු පාටක් ගනී).

👁️ ඔබ දකින දේ (UV + Loupe):

දිලිසෙන රතු පාට ගල හරහා
"අඳුරු පාට නහර" (Dark Veins) හෝ
"මකුළු දැලක්" (Spider Web)
වගේ ඉරිතැලීම් පාරවල් කැපී පෙනෙන්න ගන්නවා.

⚠️ ගල සම්පූර්ණ රතු නොවී, මේ වගේ අඳුරු ඉරි ජාලයක් පෙනෙනවා නම්, ඒක අනිවාර්යයෙන්ම "ගොඩක් දෝෂ වහපු" (Heavily Treated) ගලක්.

💰 දැන් තේරුණාද UV එකේ වටිනාකම?

දෝෂ වහපු ගලක්, "පිරිසිදු ගලක්" කියලා වැඩි ගාණට ගන්න එක මේ පොඩි ටෝච් එකෙන් නවත්තගන්න පුළුවන්.

ඔබ ළඟ තියෙන රූබි වල මේ "මකුළු දැල" තියෙනවද කියලා චෙක් කරගන්න.

👉 මීලග ලිපිය:

මැණික් ලෝකයේ ලොක්කා වෙන "දියමන්ති" (Diamond) ගැන UV ටෝච් එකට කියන්න පුළුවන් කතාව මොකක්ද?

ඔබ දන්නවාද සමහර දියමන්ති UV එළියට නිල් පාටින් දිලිසෙන බව? මෙය දියමන්තියේ මිලට බලපාන්නේ කොහොමද? ඊලගට අපි ඒ ගැන කතා කරමු.

Leave a Comment

You may also like