දියමන්ති නිල් පාටට දිලිසීම (Blue Fluorescence)
ඔබ දියමන්ති (Diamond) මුද්දකට හෝ ගලකට UV ටෝච් එකක් ඇල්ලුවොත් පුදුම හිතෙයි! සමහර දියමන්ති UV එළියට හරියට "නිල් පාට බල්බ් එකක්" (Neon Blue) පත්තු කළා වගේ තදින් දිලිසෙනවා.
මෙය හඳුන්වන්නේ Blue Fluorescence කියලයි. බොහෝ දෙනෙක් අසන ප්රශ්නය මෙයයි: "මෙය දියමන්තියේ වටිනාකමට හොඳද? නරකද?"
මෙය තේරුම් ගන්න අපි රෙදි හෝදන න්‍යාය මතක් කරගමු. අපි සුදු ඇඳුම්වල කහට යවන්න "නිල් කුඩු" (Blue) දානවා.
🟡 කහ පාට + 🔵 නිල් පාට = ⚪ සුදු පාටමේ න්‍යාය දියමන්තිවලට අදාළ වන හැටි බලමු.
ලා කහ පාටට හුරු (Color Grade: J, K, L, M) අඩු වටිනාකමක් ඇති ගලක් නම්:
- වෙන දේ: UV "නිල් එළිය" මගින් ගලේ ඇති අවලස්සන "කහ පාට" කපා හරිනවා.
- ප්‍රතිඵලය: කහ පාට ගලක් වුවත්, පියවි ඇසට පෙනෙන්නේ හොඳ සුදු (Colorless) ගලක් ලෙසයි.
ඉතාම වටිනා, හොඳම සුදු පාට (Color Grade: D, E, F) දියමන්තියක් නම්:
- හානිය: පිරිසිදු දියමන්තිය තුළ නිල් එළිය පිරී යාම නිසා ගලට "කිරි පාටක්" හෝ "මීදුමක් වගේ බොඳ ගතියක්" (Milky / Hazy look) එනවා.
- ප්‍රතිඵලය: ගල "අජීවී" (Dead Stone) වේ.
🛒 නිගමනය: ඔබ තීරණය ගත යුත්තේ කෙසේද?
| වර්ණය (Color) | Fluorescence | තීන්දුව | හේතුව |
|---|---|---|---|
| D, E, F (ඉතා වටිනා) |
Strong / Very Strong | ❌ ගන්න එපා! | ගල "කිරි පාට" (Milky) වී දීප්තිය නැති වෙනවා. පාඩුයි. |
| G, H, I (මැද මට්ටමේ) |
Faint / Medium | 😐 ගැටලුවක් නෑ | ලොකු බලපෑමක් නෑ. |
| J, K, L (කහ පාට) |
Medium / Strong | ✅ වාසියක්! | ගල වඩාත් සුදු පාටට පෙනෙනවා. දිලිසුම වැඩී. |
සහතිකයේ (Certificate) ගල "D Color" ලෙස තිබුණත්, එය "Milky" නම්, වටිනාකම 20%-25% කින් පමණ අඩු වෙනවා.
වටිනා සුදු ගලක් ගන්නකොට UV ටෝච් එකක් ගහලා බලන්න. තද නිල් පාටට දිලිසෙනවා නම් සහ නිකන් බලද්දි ගල ඇතුළ මීදුම වගේ බොඳයි නම් (Hazy), ඒ ගල ගන්න එපා!
සැකසුම: අසංග ගුණතිලක
