www.manikgal.lk

විද්‍යාඥයින් “තියෙන්න බෑ” කිව්ව ගලක්! – නිල් ගානට් (Blue Garnet)

by Asanga Gunathilaka
0 comments 3 mins read

ලෝකයේ දුර්ලභම මැණික් (17 ළිපිය)

විද්‍යාඥයින් "තියෙන්න බෑ" කිව්ව ගලක්! - "නිල් ගානට්" (Blue Garnet)

"මැණික් ඉතිහාසයේ අවුරුදු දහස් ගණනක් යනකම් කවුරුත්ම දැකලා තිබුනේ නෑ නිල් ගානට් එකක්. ඒ නිසා විද්‍යාඥයින් නිගමනය කළා ගානට් වලට නිල් පාට වෙන්න බෑ කියලා."

🤯 සොයාගැනීම: 1990 දශකයේ අගභාගයේදී මැඩගස්කර් දූපතේ බෙකිලි (Bekily) ප්‍රදේශයෙන් හමුවූ ගල් වගයක් මේ මතය කණපිට ගැහුවා!

🌈 ඇත්තටම මේක නිල් ද? (Color Change)

මේ ගල නිකන්ම නිල් පාට නෙවෙයි. මෙයත් ඇලෙක්සැන්ඩ්‍රයිට් වගේ පාට මාරු කරනවා (වැනේඩියම් නිසා).

☀️ ඉර එළිය:
නිල්-කොළ (Blue-Green)
💡 බල්බ් එළිය:
දම් / රතු (Purple)
⚖️ දුප්පතාගේ ඇලෙක්සැන්ඩ්‍රයිට්?

සමහරු මෙය "දුප්පතාගේ ඇලෙක්සැන්ඩ්‍රයිට්" කියා කිව්වත්, ඇත්තටම දුර්ලභකම අතින් බැලුවොත් ඇලෙක්සැන්ඩ්‍රයිට් වලටත් වඩා නිල් ගානට් සොයාගැනීම අමාරුයි.

💰 $1,500 - $10,000 / Carat

ලෝකයේ දුර්ලභම ගානට් වර්ගය මෙයයි. කැරට් 1.5 ටිකක් තිබුණත් ඩොලර් දහස් ගණනක් වටිනවා.

ඔබ ළඟ තියෙන "කලර් චේන්ජ් ගානට්" එකක ප්‍රධාන පාට "නිල්" නම්, ඔබ ළඟ තියෙන්නේ ලෝකයේ දුර්ලභම වස්තුවක්!

👉 ඊළඟ ලිපියෙන්:

තව අවුරුදු 20කින් සදහටම ලෝකයෙන් ඉවර වෙන...

අපේ දරුවන්ට දකින්න නොලැබෙන ගලක් ගැන (ටැන්සානියාවේ උරුමය)

Leave a Comment

You may also like