ලෝකයේ දුර්ලභම මැණික් (10 ළිපිය)
ඔබ නිල් මැණිකක් (Blue Sapphire) දැකලා තියෙනවා. දියමන්තියක් දැකලා තියෙනවා. මේ දෙකම එකට එකතු වුනොත් කොහොම තියෙයිද? අන්න ඒක තමයි බෙනිටොයිට්.
මෙය ලෝකයේ එකම එක තැනකින් පමණක් වාණිජ මට්ටමින් හමුවිය. ඒ ඇමරිකාවේ කැලිෆෝනියා (San Benito County) ප්‍රාන්තයෙනි. මේ නිසා මෙය කැලිෆෝනියාවේ "රාජ්‍ය මැණික" (State Gem) ලෙස නම් කර ඇත.
✨ විශේෂත්වය (The Fire / Dispersion)
නිල් මැණික් වලට වඩා මෙහි ඇති ලොකුම වෙනස වන්නේ එහි "ආලෝක විහිදුවීම" (Dispersion) යි.
ඒ කියන්නේ හොඳට කපපු බෙනිටොයිට් ගලක්, දියමන්තියකටත් වඩා දේදුන්න වගේ පාට පාට එළිය (Fire) විහිදුවනවා!
💡 මැජික් එක (UV Reaction)
ඔබ ළඟ UV ලයිට් (Short-wave) එකක් තියෙනවා නම්, මේ ගලට අල්ලලා බලන්න.
එය විදුලි බුබුලක් පත්තු කළා වගේ දීප්තිමත් නිල් පාටකින් දිලිසෙන්න ගන්නවා. මෙය හඳුනාගන්න හොඳම ක්‍රමයයි.
කැරට් 1ට වඩා ලොකු ගල් අතිශය දුර්ලභයි. පතල වසා දමා ඇති නිසා මිල දිනෙන් දින ඉහළ යයි.
සැකසුම : අසංග ගුණතිලක
