ලෝකයේ දුර්ලභම මැණික් (07 ළිපිය)
මැණික් කිව්වම අපිට මතක් වෙන්නේ ලංකාව, බුරුමය හෝ අප්‍රිකාව. නමුත් ලෝකයේ දුර්ලභම ගල් 10න් එකක් කැනඩාවෙන් හමුවුනා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
🇨🇦 කැනඩාවේ කතාව:
1960 ගණන් වලදී කැනඩාවේ ක්විබෙක් (Quebec) හි Mont Saint-Hilaire නම් ප්‍රදේශයේ විශාල ගල් කොරියක් තිබුණා.
මෙය අයිති වෙලා තිබුනේ Poudrette පවුලට. මෙයින් හමුවූ අලුත්ම ඛනිජයට පවුලේ නම අනුව "Poudretteite" (පවුඩ්‍රෙටයිට්) කියලා නම තිබ්බා.
🌏 බුරුමයේ පුදුමය:
මුලින් කැනඩාවෙන් හමුවුනත්, ඒවා මැණික් ලෙස කපන්න තරම් ලොකු වුනේ නෑ. නමුත් 2000 වසරේදී මැණික් ලෝකයම පුදුම කරමින්, බුරුමයේ (Myanmar) මොගොක් නිම්නයෙන් මෙහි විශාල, ඉතා පිරිසිදු ගල් හමුවෙන්න පටන් ගත්තා.
අද අපි දකින ලස්සන කපපු ගල් වලින් 99%ක්ම එන්නේ බුරුමයෙන්. නමුත් නම තාම කැනේඩියානුයි.
මෙය ඉතාම මෘදු ලා රෝස (Bubblegum Pink) හෝ ලා දම් (Soft Violet) වර්ණයක් ගනී.
ස්පිනල් හෝ සැෆයර් වල නැති අමුතු "මෘදු බවක්" මේ ගලේ තියෙනවා.
මෙය කොච්චර දුර්ලභද කියනවා නම්, හොඳ පිරිසිදු ගලක් කැරට් 1ක් ඉහළ මිලකට අලෙවි වේ.
සැකසුම : අසංග ගුණතිලක
