www.manikgal.lk

ස්පිනල් යැයි සිතා ගත් ලංකාවේ අමුතු ගල “ටාෆයිට්”(Taaffeite)

by Asanga Gunathilaka
0 comments 3 mins read

ලෝකයේ දුර්ලභම මැණික් (06 ළිපිය)

ස්පිනල් යැයි සිතා ගත් ලංකාවේ අමුතු ගල "ටාෆයිට්" (The Accidental Discovery)

ඔබ ළඟ තියෙන "ස්පිනල්" (Spinel) ගල් ටික පරිස්සමෙන් චෙක් කරන්න. මොකද මේ කතාව ඇහුවම ඔබට පිස්සු හැදෙයි.

🕵️ කතාව (The Story):

1945 වසරේ ඩබ්ලින් නුවරදී Count Richard Taaffe "කපපු ස්පිනල් ගල්" පෙට්ටියක් මිලදී ගත්තා. මේවා පරණ, ලාභ ගල් ටිකක්.

ඔහු අන්වීක්ෂයෙන් බලද්දී දැක්කා එක ගලක අමුතු "ඩබල් වීමක්" (Doubling)!

ඔහු වහාම මේ ගල ලන්ඩන් ලැබ් එකට යැව්වා. පරීක්ෂණ වලින් හෙළි වුනා මෙය ස්පිනල් නොවන බවත්, ලෝකයට මෙතෙක් හමු නොවූ අලුත්ම ඛනිජයක් බවත්! ඔහුට ගරු කිරීමක් ලෙස එයට "Taaffeite" (ටාෆයිට්) ලෙස නම් තැබුවා.

🌍 ලංකාවේ උරුමය: පසුව සොයා බැලීමේදී තහවුරු වුනා මේ අද්භූත ගල කපලා තිබුනේ ශ්‍රී ලංකාවේ බව. අදටත් ලෝකයේ හොඳම ටාෆයිට් හමුවන්නේ අපේ රත්නපුරයෙන්.

🎨 හඳුනාගන්නේ කොහොමද?

මෙය පෙනුමෙන් ලා දම් පාට (Mauve/Lilac) හෝ ලා රෝස ස්පිනල් ගලක් වගේමයි.

Spinel (ස්පිනල්)

SR (Single Refractive)

RI 1.71

Taaffeite (තාෆයිට්)

DR (Double Refractive)

RI 1.72

අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ මිනිස්සු මේවා "ස්පිනල්" කියලා ඉතාම ලාභෙට විකුණලා තියෙනවා. කවුද දන්නේ අදටත් ඔබේ ගල් පෙට්ටියේ කෝටි ගණන් වටිනා ටාෆයිට් ගලක් හැංගිලා තියෙනවාද කියලා?

👉 ඊළඟ ලිපියෙන්:

අපි මෙතෙක් කතා කළේ ආසියාවේ සහ අප්‍රිකාවේ ගල් ගැනනේ...

ඊලග ගල විශේෂයි, මොකද මේකේ නම හැදුනේ 🇨🇦 කැනඩාවෙන්.

Leave a Comment

You may also like