www.manikgal.lk

365nm ද? 395nm ද? – මැණික් ව්‍යාපාරයට “සෙල්ලම් UV ටෝච්” හරියන්නේ නෑ!

by Asanga Gunathilaka
0 comments 3 mins read

365nm ද? 395nm ද?

මැණික් ව්‍යාපාරයට "සෙල්ලම් ටෝච්" හරියන්නේ නෑ! (අවසාන ලිපිය)

ඔබ කඩෙන් UV ටෝච් එකක් ගෙනත් රූබි එකකට ඇල්ලුවාම, මුළු ගලම දම් පාටට (Purple) පේනවා මිසක්, හරියට "රතු පාටට" දිලිසෙන්නේ නැද්ද?

ඒ ඔබේ ගලේ වරදක් නෙවෙයි, ටෝච් එකේ වරදක්! 🔦

❌ 1. ලාභ 395nm ටෝච්
(The Cheap Purple Light)

මේවා හදලා තියෙන්නේ සල්ලි නෝට්ටු බලන්න හෝ ගෙදර දූවිලි බලන්න.

ගැටළුව: මේවායින් අධික ලෙස "දම් පාට එළියක්" නිකුත් වෙනවා. මේ නිසා මැණිකෙන් එන සියුම් රතු දිලිසීම වැසී යනවා.

මැණික් වැඩ වලට හරියන්නේ නෑ!
✅ 2. වෘත්තීය 365nm ටෝච්
(The Gemologist's Choice)

මෙය තමයි නියම බඩුව. මෙහි දම් පාට එළිය බොහොම අඩුයි. මෙය නිකුත් කරන්නේ පියවි ඇසට නොපෙනෙන නියම UV කිරණයි.

ප්‍රතිඵලය: ගල වටේ කළුවරටම තියෙද්දී, ගල විතරක් "මැජික් එකක් වගේ" පාට පාටින් දිලිසෙන්න ගන්නවා.

හීට් කරපු ගල් බලන්න මේක ඕනෙමයි.
🕵️ කඩේදී තෝරා ගන්නේ කොහොමද?

ටෝච් එක නිවා ඇති විට එහි ඉදිරිපස වීදුරුව දිහා බලන්න.

සුදු පාට වීදුරුව
සාමාන්‍ය එකක් (එපා!)
කළු පාට වීදුරුව
(Black Filter / Wood's Glass)
✅ නියම 365nm ටෝච් එක
"හොඳ ටෝච් එකක් කියන්නේ ආයෝජනයක්. 'සෙල්ලම් බඩු' අරගෙන වටිනා ගල් අතහරින්න එපා!"

👉 මීලග ලිපිය:

අපි ඊලගට මැණික් වෙළදාම තුල ඉතාමත් වැදගත් උපකරණයක් ගැන කතා කරමු.

"විශිෂ්ට ගුරුත්වය (Specific Gravity - SG)"

හෙවත් "සාපේක්ෂ ඝනත්වය" කියන්නේ මැණික් පරීක්ෂාවේ ඇති "නිහඬ විනිසුරුවරයා" ගැන කතා කරමු.

Leave a Comment

You may also like