5
පාට වෙනස් වුනාට "බර" වෙනස් වෙන්නේ නෑ
මැණිකේ අනන්‍යතාවය (Identity) සොයන SG රහස (පළමු ලිපිය)
ඔබ කවදාහරි කල්පනා කරලා තියෙනවද, එකම සයිස් එකේ...
🏗️ "යකඩ කෑල්ලක්" සහ "ලී කෑල්ලක්" 🪵
ගත්තම, ඇයි යකඩ කෑල්ල බර වැඩි?
ඒකට හේතුව ඝනත්වය (Density). යකඩ වල අංශු ඉතා තදින් ඇසුරුම් වෙලා තියෙන්නේ.
මැණික් ලෝකයේදීත් මේක එහෙමමයි. පෙනුමෙන් එක වගේ පෙනෙන නිල් මැණිකක් (Sapphire) සහ නිල් ටොපෑස් (Blue Topaz) ගත්තොත්, මේ දෙකේ බර එකිනෙකට වෙනස්.
⚖️ Specific Gravity (SG) කියන්නේ මොකක්ද?
සරලවම කිව්වොත්, ජලය හා සසඳන විට මැණික කොච්චර බරද කියන එකයි.
නිල් මැණික (Sapphire)
SG 4.00
(වතුර වගේ 4 ගුණයක් බරයි)
වීදුරු (Glass)
SG 2.30
(වතුර වගේ 2.3 ගුණයක් බරයි)
💼 ව්‍යාපාරිකයාට මෙය වැදගත් ඇයි?
ඔබට නම දන්නේ නැති රළු ගලක් හම්බෙනවා. පාටින් විතරක් ජාතිය කියන්න අමාරුයි. ඩයික්‍රෝස්කෝප් එකෙනුත් හරියටම අල්ලගන්න බැරි නම්, ඊළඟට තියෙන හොඳම ක්‍රමය තමයි එහි SG අගය මැනීම.
සෑම ගලකටම ඊටම ආවේණික ස්ථිර SG අගයක් (Fingerprint) තියෙනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
🤔 ඉතින් මේක මනින්නේ කොහොමද? ලොකු මැෂින් ඕනද?
නෑ! සාමාන්‍ය "තෙල් සහල් කිරන පොඩි තරාදියකින්"එහෙමත් නෑ පොඩිම (Pocket Scale) එකකින් මේක කරන්න පුළුවන්.
නෑ! සාමාන්‍ය "තෙල් සහල් කිරන පොඩි තරාදියකින්"එහෙමත් නෑ පොඩිම (Pocket Scale) එකකින් මේක කරන්න පුළුවන්.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි.........
