www.manikgal.lk

දවල්ට එමරල්ඩ්, රෑට රූබි – “ඇලෙක්සැන්ඩ්‍රයිට්” (The Color Change King)

by Asanga Gunathilaka
0 comments 4 mins read

ලෝකයේ දුර්ලභම මැණික් (12 ළිපිය)

ලයිට් එක මාරු කරාම ගලේ පාට මාරු වෙනවා! "ඇලෙක්සැන්ඩ්‍රයිට්" (Alexandrite)

ඔබ ළඟ තියෙන ගලක් ඉර එළියේදී කොළ පාටට පෙනිලා, රෑට බල්බ් එළියේදී රතු පාටට පෙනෙනවා නම්? ඒක මැජික් නෙවෙයි, ඒ ඇලෙක්සැන්ඩ්‍රයිට්.

📜 රාජකීය ඉතිහාසය:

මෙය 1830 ගණන් වලදී රුසියාවේ යූරල් කඳුකරයෙන් (Ural Mountains) සොයාගත්තේ.

එදා රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් (Alexander II) රජුගේ උපන්දිනය දවසේ මෙය හමුවූ නිසා, එයට "ඇලෙක්සැන්ඩ්‍රයිට්" කියලා නම තිබ්බා. (අහම්බයකින් වගේ මේ ගලේ පාට දෙක වන "රතු සහ කොළ" රුසියානු හමුදාවේ නිල වර්ණ දෙකයි).

🌈 වර්ණ විපර්යාසය (The Phenomenon)

ක්‍රිසොබෙරිල් (Chrysoberyl) පවුලට අයත් මේ ගලට "ඇලෙක්සැන්ඩ්‍රයිට්" කියන්නේ 100%ක් පාට වෙනස් වුනොත් විතරයි.

☀️ ඉර එළිය (Green) 💡 විදුලි එළිය (Red)
⚠️ අවවාදයයි (The Grandmother's Stone)

බොහෝ දෙනෙක්ගේ ගෙවල් වල පරණ ආභරණ පෙට්ටි වල "ඇලෙක්සැන්ඩ්‍රයිට්" කියලා ලොකු දම් පාට ගල් තියෙනවා.

කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ: ඒ බොහොමයක් 1900 ගණන් වල හදපු "ලැබ් එකේ හදපු ගල්" (Synthetic Corundum).

නියම ස්වභාවික ඇලෙක්සැන්ඩ්‍රයිට් එකක පාට වෙනස් වීම දම් පාට නෙවෙයි, "කොළ සිට රතු" විය යුතුයි.

🌍 ලංකාවේ ඇත:

රුසියාවේ ගල් ඉවර වුනාට පස්සේ, ලෝකයට ලොකුම ඇලෙක්සැන්ඩ්‍රයිට් දුන්නේ ශ්‍රී ලංකාව. ලංකාවේ ගල් ප්‍රමාණයෙන් විශාලයි (නමුත් පාට වෙනස් වීම රුසියානු ගල් තරම් තියුණු නැත).

💰 $15,000 - $20,000 / Carat

පාට මාරු වීම 100%ක් පැහැදිලි (Green to Red) ගලක්, දියමන්ති වලටත් වඩා මිලයි.

👉 ඊළඟ ලිපියෙන්:

මුහුදෙන් හම්බවුන (?) මැණිකක් ගැන...

ඇමරිකාවේ ටෙක්සාස් වලින් හමුවුන, මැංගනීස් අඩංගු කුඩා දම් පැහැති ස්ඵටිකයක්

Leave a Comment

You may also like