15
ධන (+) ද? ඍණ (-) ද?
Optic Sign සොයමු (දොළොස්වෙනි ළිපිය)
Uniaxial කියලා හොයාගත්තට මදි. ඒක Uniaxial Positive (+) ද Negative (-) ද කියලා බැලුවොත් තවත් ගැටළු විසඳගන්න පුළුවන්.
➕➖ Optic Sign (ප්‍රකාශ ලකුණ)
අපි කලින් පාඩමේදී දැක්කා Uniaxial ගල් වල එක ඉරක් දුවනවා, එකක් නතර වෙලා තියෙනවා කියලා.
⛔ Negative (-)
(ඉහළ රේඛාව චලනය වේ)
දුවන ඉර තියෙන්නේ නතර වෙලා තියෙන ඉරට උඩින් (Higher RI) නම්.
💎 උදා: නිල් මැණික්, රූබි, ටුවර්මලින්.
✅ Positive (+)
(පහළ රේඛාව චලනය වේ)
දුවන ඉර තියෙන්නේ නතර වෙලා තියෙන ඉරට පහළින් (Lower RI) නම්.
💎 උදා: සර්කෝන්, ක්වෝට්ස්.
🧠 සරල මතක තබා ගැනීමක්:
COrundum = Negative
(CON)
QUartz = Positive
(QUP)
🔥 වටිනා ඔත්තුවක්:
ඔබට ලැබෙන රතු ගලක RI 1.76 වෙලා, ඒක Negative (-) පෙන්නනවා නම්, ඒක අනිවාර්යයෙන්ම රූබි (Ruby) තමයි!
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
