9
ඉරි එකක් ද? දෙකක් ද?
මැණිකේ "දෙබිඩි බව" (Birefringence) සොයමු (හත්වන ළිපිය)
ඔබ RI අගය බලද්දී පුදුම දෙයක් දකිනවා. අර අඳුරු මායිම එක තැනක නෙවෙයි තියෙන්නේ. එක ළඟ ඉරි දෙකක් පෙනෙනවා!
✌️ Double Refraction (DR)
බොහෝ මැණික් (නිල් මැණික්, ටුවර්මලින්, ටොපෑස්) තුළින් ආලෝකය යද්දී කිරණ දෙකකට බෙදෙනවා.
- ඒ නිසා Refractometer එකේ ඉරි දෙකක් (Shadow Edges 2) පෙන්වනවා.
- ඔබ Polaroid ෆිල්ටරය කරකවන විට මේ ඉරි දෙක එහා මෙහා යනවා දකින්න පුළුවන්.
📏 Birefringence (BI) අගය:
මේ ඉරි දෙක අතර පරතරය එක් එක් ගලට වෙනස්.
🔹 නිල් මැණික්
පරතරය හරිම පොඩියි 0.008
🌿 ටුවර්මලින්
පරතරය වැඩියි 0.020
✨ සර්කෝන් (High)
පරතරය ගොඩක් වැඩියි 0.059
🤫 ව්‍යාපාරික රහස
ඔබට රතු පාට ගලක් හම්බෙනවා. RI අගය 1.76. දැන් බලන්න ඉරි කීයද කියලා.
||
ඉරි දෙකක් නම්
👉 රූබි (Ruby)
|
ඉරි එකක් නම්
👉 රතු ස්පිනල් / ගානට්
(ස්පිනල් වලට ආලෝකය බෙදන්න බැහැ)
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
