ලෝකයේ දුර්ලභම මැණික් (02 ළිපිය)
දශක ගණනාවක් තිස්සේ ලෝකයටම ගල් 2යි තිබුනේ!
අපි කලින් කතා කළ Kyawthuite සොයාගන්නා තෙක්, ලෝකයේ දුර්ලභම ඛනිජය ලෙස ගිනස් ලෝක වාර්තා පොතේ සඳහන් වී තිබුණේ මේ ගලයි.
📜 ඉතිහාසය:
1950 ගණන් වලදී බ්රිතාන්ය ජාතික මැණික් විද්යාඥයෙකු වූ Arthur C.D. Pain ට මියන්මාරයෙන් (බුරුමයෙන්) අමුතු රතු පාට ගල් කැට දෙකක් හමුවුනා.
ඔහු මුලින් හිතුවේ මේවා රූබි (Ruby) කියලා. නමුත් පරීක්ෂණ වලින් හෙළි වුනා මෙය ලෝකයට අලුත්ම, කිසිදා නොදුටු ඛනිජයක් බව. එය සොයාගත් කෙනාට ගරු කිරීමක් ලෙස එයට "Painite" (පේනයිට්) කියා නම තැබුවා.
😱 කොච්චර දුර්ලභද?
මෙය තද දුඹුරු පැහැයට හුරු රතු පාටයි (Brownish Red / Dark Red).
සමහර කෝණ වලින් බලද්දී පාට වෙනස් වී පෙනෙනවා (Strong Pleochroism).
හොඳ තත්ත්වයේ පේනයිට් කැරට් එකක් රු. කෝටි 1.5ක් පමණ මිල විය හැක.
ඔබ බුරුමයේ මැණික් ගන්න යනවා නම්, "දුඹුරු පාට කැත ගල් කැටයක්" කියලා දකින දේ සමහර විට කෝටි ගණනක් වටින පේනයිට් වෙන්න පුළුවන්!
සැකසුම : අසංග ගුණතිලක
