www.manikgal.lk

පෘථිවියේ දුර්ලභම මැණික “Kyawthuite”

by Asanga Gunathilaka
0 comments 3 mins read

ලෝකයේ දුර්ලභම මැණික්

The Rarest of them All (01 ළිපිය)

ඔබ හිතාගෙන ඉන්නේ ලෝකයේ දුර්ලභම ගල පේනයිට් (Painite) හෝ බ්ලූ ඩයමන්ඩ් කියලාද? නෑ... ඒ වාර්තා ඔක්කොම බිඳ වැටුනා.

👑 අංක 01: ක්‍යෝතුවයිට් (Kyawthuite)

මුළු ලෝකෙටම හමුවෙලා තියෙන්නේ එකම එක (Only One) ඔප දමන ලද ගලක් විතරයි!

📍 හමුවූ තැන: 2015 වසරේදී මැණික් පුරයක් වන බුරුමයේ (Myanmar - Mogok).
⚖️ බර: කැරට් 1.61 යි.
🎨 පාට: තද තැඹිලි පාටයි (Deep Orange).
🔷 හැඩය: කුෂන් හැඩය (Cushion Cut).

මෙය සොයාගත්තේ ආචාර්ය ක්‍යෝ තු (Dr. Kyaw Thu) විසිනි. ඒ නිසා ගලට ඔහුගේ නම (Kyawthuite) තැබුවා.

💰 මිල: Priceless

මේක මිල කරන්න බැහැ. මොකද විකුණන්න තරම් ගල් වෙළඳපොලේ නෑ. ලෝකෙටම තියෙන එකම එක ගලයි.


🏛️ වර්තමානයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් කෞතුකාගාරයේ (Natural History Museum of Los Angeles) තැන්පත් කර ඇත.

⚠️ රැවටෙන්න එපා!

කවුරුහරි දවසක ඔබට "Kyawthuite ගලක් විකුණන්න තියෙනවා" කිව්වොත් රැවටෙන්න එපා. මොකද ඔරිජිනල් එක තියෙන්නේ කෞතුකාගාරයේ විතරයි!

👉 ඊළඟ ලිපියෙන්:

ගිනස් පොතේ රජ කල...

"පේනයිට්" (The Former King)

Leave a Comment

You may also like