www.manikgal.lk

නම කැත වුනාට ගාන සැරයි! – ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ “මස්ග්‍රැවයිට්” (Musgravite)

by Asanga Gunathilaka
0 comments 3 mins read

ලෝකයේ දුර්ලභම මැණික් (03 ළිපිය)

නම කැත වුනාට ගාන සැරයි! - මස්ග්‍රැවයිට් (Musgravite)

බොහෝ දෙනෙක් තාෆයිට් (Taaffeite) ගැන අහලා තියෙනවා. මේ ඉන්නේ එයාගේ අයියා. 1967 දී දකුණු ඕස්ට්‍රේලියාවේ Musgrave Ranges ආශ්‍රිතව මෙය මුලින්ම සොයාගත් නිසා, මේ නම (Musgravite) ලැබුණා.

🌍 ලංකාවේ සම්බන්ධය:

මුලින්ම ඕස්ට්‍රේලියාවෙන් හමුවුනාට, ලෝකයේ ආභරණ සඳහා කපන්න පුළුවන් (Gem Quality) මට්ටමේ මස්ග්‍රැවයිට් වැඩිපුරම හමුවෙලා තියෙන්නේ:

  • 🇱🇰 ශ්‍රී ලංකාවෙන් (ඇහැලියගොඩ, රත්නපුර)
  • 🇹🇿 ටැන්සානියාවෙන්
8 Stones Only!

2005 වසර වනතුරු මුළු ලෝකයටම තිබුණේ හඳුනාගත් මස්ග්‍රැවයිට් ගල් 8ක් පමණයි! අදටත් මෙය දියමන්ති වලට වඩා දස දහස් ගුණයක් දුර්ලභයි.

🔬 ලොකුම ගැටළුව: පවුලේ පටලැවිල්ල

මස්ග්‍රැවයිට් සහ තාෆයිට් කියන්නේ එකම පවුලේ සාමාජිකයෝ. මේ දෙක පෙනුමෙන්, බරෙන් (SG), සහ රසායනිකව 99%ක්ම සමානයි.

Taaffeite

සාමාන්‍ය ලැබ් එකකින් වෙන් කරන්න බැහැ.

Musgravite

සාමාන්‍ය ලැබ් එකකින් වෙන් කරන්න බැහැ.

Advanced Lab Only!

මේක හරියටම තහවුරු කරන්න Raman Spectroscopy හෝ X-ray Diffraction වගේ උසස්ම තාක්ෂණය ඕනේ.

ඔබ ළඟ "තාෆයිට්" කියලා තියෙන අළු-කොළ (Greyish Green) පාට ගලක් තියෙනවාද? කවුද දන්නේ, සමහර විට ඒක ඊටත් වඩා වටිනා මස්ග්‍රැවයිට් ගලක් වෙන්න පුළුවන්!

💰 $35,000+ / Carat

කැරට් 1ක් රු. කෝටියක් පමණ සිට ඉහළට අලෙවි වේ.

👉 ඊළඟ ලිපියෙන්:

ලංකාවේ නම ලෝකයට ගෙන ගිය...

ඉතාම අඳුරු (කළු පාටට හුරු) නමුත් ඉතා දුර්ලභ ගලක් ගැන

Leave a Comment

You may also like