www.manikgal.lk

ලංකාවේ නම ලෝකයට ගෙන ගිය “සෙරන්ඩිබයිට්”(Serendibite)

by Asanga Gunathilaka
0 comments 3 mins read

ලෝකයේ දුර්ලභම මැණික් (04 ළිපිය)

ලංකාවේ නම ලෝකයට ගෙන ගිය "සෙරන්ඩිබයිට්" (The Gem named after Sri Lanka)
🇱🇰

මැණික් ලෝකයේ ලංකාවට තියෙන පිළිගැනීම කොච්චරද කියනවා නම්, ලෝකයේ දුර්ලභම ගලකට තිබ්බෙත් ලංකාවේ නම!

📜 නම හැදුනු හැටි:

අතීතයේ අරාබි ජාතිකයන් ශ්‍රී ලංකාව හැඳින්වූයේ "සෙරෙන්ඩිබ්" (Serendib) කියලයි. 1902 වසරේදී මෙම ඛනිජය ලංකාවෙන් මුලින්ම සොයාගත් විට, අපේ රටට ගෞරවයක් ලෙස එයට "සෙරන්ඩිබයිට්" (Serendibite) කියලා නම තිබ්බා.

⚫ පෙනුම (Black or Green?)

බැලූ බැල්මට මෙය තද කළු පාට ගලක් වගේ පෙනෙන්නේ. නමුත්...

බලවත් ආලෝකයක් (Strong Light) ඇල්ලුවාම:

තද නිල්-කොළ (Dark Blue-Green)

😲 කොච්චර දුර්ලභද?

3 Stones Only!

2005 වසර වනතුරු මුළු ලෝකයටම තිබුණේ ඔප දමන ලද (Faceted) සෙරන්ඩිබයිට් ගල් 3ක් පමණයි! ඒ තුනම ලංකාවේ ඒවා.

(පසුව 2005දී බුරුමයෙන් තවත් ඉල්ලමක් හමුවුනා. නමුත් බුරුම ගල් වල පාට ලංකාවේ ගල් තරම් ලස්සන නෑ).


පිරිසිදු සෙරන්ඩිබයිට් ගලක් සොයාගැනීම අහසෙ තරු කඩනවා වගේ වැඩක්.

💰 $ Millions

ඉතා කුඩා (කැරට් 0.5 ට අඩු) ගලක් වුනත් ඩොලර් මිලියන ගණනක් වටින්න පුළුවන්, එහි පිරිසිදු බව සහ පාට මත.

ඔබ ළඟ තියෙන "කළු පාට ගල්" (Black Stones) විසි කරන්න කලින් දෙපාරක් හිතන්න. ඒක කෝටි ගණනක් වටින සෙරන්ඩිබයිට් වෙන්නත් පුළුවන්!

👉 ඊළඟ ලිපියෙන්:

මැඩගස්කරයෙන් හම්බවුන...

මුහුදු නිල් පැහැයට (Sea Blue) හුරු ගලක් ගැන

Leave a Comment

You may also like