15
රු. 3000න් ලැබ් එකක් හදාගමු!
ගෙදරදීම SG Kit එක සකසා ගන්නා හැටි (දෙවන ලිපිය)
අපි කලින් ලිපියේදී කිව්වා ගලක ජාතිය හොයන්න එහි SG අගය බලන්න ඕනේ කියලා. මේකට ලක්ෂ ගණන් වටිනා මැෂින් ඕනේ නෑ. ඔබේ සාක්කුවේ තියෙන "ඩිජිටල් තරාදිය" විතරක් ඇති.
🛠️ අවශ්‍ය දේවල්:
-
⚖️
ඩිජිටල් තරාදියක් (Pocket Scale):
දශම ස්ථාන දෙකක් (0.00g) හෝ කැරට් වලින් (0.00 ct) කිරන්න පුළුවන් එකක් නම් වඩා හොඳයි. -
🥤
ප්ලාස්ටික් කෝප්පයක්:
වතුර පිරවූ කුඩා කෝප්පයක්. -
📎
කුඩා කම්බි කැබැල්ලක් හෝ නූලක්:
ගල වතුරේ එල්ලාගෙන ඉන්න (Paper clip එකක් දිග හැරලා ගන්න පුළුවන්).
⚙️ සකසා ගන්නා ආකාරය (The Secret Method)
(අපි භාවිතා කරන්නේ ආකිමිඩීස්ගේ "වතුර විස්ථාපනය කිරීමේ" ක්‍රමයයි).
පියවර 1: වාතයේ බර (A)
මුලින්ම ගල නිකන් තරාදිය උඩ තියලා බර කිරා ගන්න.
(උදා: ගලේ බර කැරට් 5.00යි කියමු. මේ අගය කොලයක ලියාගන්න).
පියවර 2: වතුර සූදානම
දැන් තරාදිය උඩට වතුර පිරවූ කෝප්පය තියන්න. දැන් තරාදියේ බරක් පෙන්නනවානේ?
දැන් තරාදියේ "TARE" බොත්තම ඔබන්න.
👉 දැන් තරාදිය 0.00 පෙන්විය යුතුයි. (කෝප්පය උඩ තියෙද්දීම).
පියවර 3: වතුරේ බර (B)
දැන් කම්බි කෑල්ලේ ආධාරයෙන් ගල අරගෙන, හිමින් සැරේ වතුර කෝප්පය ඇතුළට දාන්න. (සම්පූර්ණයෙන්ම වතුර යටට ඔබන්න).
⚠️ පරිස්සම් වෙන්න: ගල කෝප්පයේ පතුලේ හෝ පැත්තේ වදින්න දෙන්න එපා! ගල වතුර මැද "පාවෙමින්" තියෙන්න ඕනේ.
දැන් තරාදියේ පෙන්නන අගය ලියාගන්න. (මෙය ගල නිසා ඉහළ ගිය වතුරේ බරයි).
දැන් ඔබ ළඟ ඉලක්කම් දෙකක් තියෙනවා:
1. ගලේ ඇත්ත බර (වාතයේ බර)
2. ගල වතුරේ එල්ලුවම ආපු බර (විස්ථාපිත බර)
1. ගලේ ඇත්ත බර (වාතයේ බර)
2. ගල වතුරේ එල්ලුවම ආපු බර (විස්ථාපිත බර)
මේ සෙට් එක අදම හදාගන්න පුළුවන් නේද?
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි.........
