20
ඉරි දෙක පටලැවෙනවාද?
Polaroid Filter එකෙන් විසඳුම (දසවන ළිපිය)
සමහර ගල් වල (උදා: නිල් මැණික්) ඉරි දෙක කොච්චර ළඟද කියනවා නම් (0.008 පරතරය), නිකන් බලද්දී ඒවා එකට ඇලිලා වගේ පේන්නේ. හරියටම වෙන් කරගන්න අමාරුයි.
🕶️ Polaroid Filter (ධ්‍රැවීකරණ පෙරහන)
Refractometer එකේ Eyepiece එක උඩට දාන්න පුළුවන් විශේෂ වීදුරු කෑල්ලක් එනවා. මේක හරියට අව් කණ්ණාඩියක් වගේ.
✨ කරකවන විට සිදුවන දේ (Animation)
ඉරි මාරු වීම
⚙️ වැඩ කරන විදිහ:
1. ෆිල්ටරය දාන්න.
2. දැන් බලන්න. ඔබට පෙනෙන්නේ එක ඉරක් විතරයි.
3. දැන් ෆිල්ටරය අංශක 90ක් කරකවන්න.
4. මැජික් එකක් වගේ, අර ඉර නැති වෙලා අනිත් ඉර මතු වෙනවා!
✅ වාසිය:
මේ ෆිල්ටරය පාවිච්චි කරලා ඔබට පුළුවන් පහළම අගය (Low RI) සහ ඉහළම අගය (High RI) වෙන වෙනම, ඉතාම නිවැරදිව මැනගන්න.
1.762 සහ 1.770 වෙන් කරගන්න මේක නැතුවම බැහැ.
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
