www.manikgal.lk

පැතලි මුහුණත් නැද්ද? – කැබොෂන් ගල් බලන “Spot Method” එක

by Asanga Gunathilaka
0 comments 3 mins read

පැතලි මුහුණත් නැද්ද?

කැබොෂන් ගල් බලන "Spot Method" එක (දහතුන්වන ළිපිය)

ඔබට ලැබෙනවා ආර්නූල් (Star Sapphire) හෝ කැට්ස් අයි (Cat's Eye) ගලක්. මේවායේ පැතලි මුහුණතක් (Table Facet) නෑ. මේවා රවුම් (Dome shape). කොහොමද RI බලන්නේ?

● The Spot Method (තිත් ක්‍රමය)

සාමාන්‍ය ක්‍රමයට ඇහැ තියලා බැලුවට මේකේ ඉරක් පෙනෙන්නේ නෑ. පොඩි ට්‍රික් එකක් කරන්න ඕනේ.

ඔබට පෙනෙන දේ: "පුංචි තිතක්"

Half Dark / Half Bright

1. පුංචිම බිංදුව: RI දියර ඉතාම අඩුවෙන් (පුංචි තිතක් වගේ) වීදුරුව මැද තියන්න.
2. ස්පර්ශය: ගලේ රවුම් කොටස ඒ තිත උඩ තියන්න. (දැන් එතන පුංචි ස්පර්ශයක් හැදෙනවා).
👀 3. දුරින් බලන්න (වැදගත්ම පියවර): Eyepiece එකට ඇහැ තියන්න එපා! ඇහැ අඟල් 10-12ක් ඈතට ගන්න.
4. තිත සොයන්න: කෙලින්ම යන්ත්‍රය දිහා බලන්න. ඔබට මැදින් "පුංචි තිතක්" (Spot) පෙනේවි.
5. වර්ණ භේදය: ඒ තිත හරියටම බාගයක් කළු සහ බාගයක් එළිය විදිහට පෙනෙන තැනට ඔළුව එහා මෙහා කරන්න.
📝 ප්‍රතිඵලය:

ඒ පාට දෙක බෙදෙන තැන පිහිටන අංකය තමයි ඔබේ දළ RI අගය.

(උදා: 1.76 හරියටම පෙනෙන්නේ නෑ, නමුත් 1.70 - 1.80 අතර කියලා පෙනේවි).

👉 ඊළඟ ලිපියෙන්:

කපපු ගල් විතරක් නෙවෙයි...

රළු ගල් (Rough Stones) Refractometer එකෙන් බලන්නෙ කොහොමද?

Leave a Comment

You may also like