18
ෆෝන් එකෙන් අන්වීක්ෂ ඡායාරූප
(Micro-photography) ගන්නා හැටි (අටවන ලිපිය)
අද කාලේ ඔබ සොයාගන්න දෝෂය (Inclusion) පාරිභෝගිකයාට පෙන්නන්න බැරි නම් වැඩක් නෑ. "සර්, මේ ගල ඇතුළේ ලස්සන රූටයිල් තියෙනවා" කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නෑ. ෆොටෝ එකක් පෙන්නන්නම ඕනේ.
📸 The Setup:
🔭
Smartphone Adapter:
අන්වීක්ෂයේ Eyepiece එකට ෆෝන් එක හයි කරන්න පුළුවන් පොඩි ගැජට් එකක් එනවා (Phone Mount). මෙය ඩොලර් 10-20 කට විතර ගන්න පුළුවන්.
අන්වීක්ෂයේ Eyepiece එකට ෆෝන් එක හයි කරන්න පුළුවන් පොඩි ගැජට් එකක් එනවා (Phone Mount). මෙය ඩොලර් 10-20 කට විතර ගන්න පුළුවන්.
👀
Focus:
මුලින්ම ඇහෙන් බලලා ෆෝකස් කරගන්න. ඊට පස්සේ ෆෝන් එක තියන්න.
මුලින්ම ඇහෙන් බලලා ෆෝකස් කරගන්න. ඊට පස්සේ ෆෝන් එක තියන්න.
📱
Digital Zoom:
ෆෝන් එකේ කැමරාවෙන් චුට්ටක් Zoom කරන්න. (වටේ තියෙන කළු රවුම අයින් වෙන්න).
ෆෝන් එකේ කැමරාවෙන් චුට්ටක් Zoom කරන්න. (වටේ තියෙන කළු රවුම අයින් වෙන්න).
💡 Lighting Tip:
ෆොටෝ ගද්දී ලයිට් එක ගොඩක් වැඩි කරන්න එපා. ෆෝන් කැමරාවට ඒක දරාගන්න බැහැ (Overexposure).
ලයිට් එක අඩුවෙන් තියලා, Darkfield බවිතා කරන්න.
📈 ව්‍යාපාරික වාසිය:
ඔබ විකුණන ගලේ ඇතුළේ තියෙන ලස්සන දේවල් ෆොටෝ ගහලා ෆේස්බුක් දාන්න. "Macro Photography" කලාව ඔබේ පේජ් එකට ලොකු වටිනාකමක් එකතු කරයි.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................