www.manikgal.lk

කටපාඩම් කළ යුතු ප්‍රධාන මැණික් වල RI අගයන්

by Asanga Gunathilaka
0 comments 3 mins read

කටපාඩම් කළ යුතු ප්‍රධාන මැණික් වල RI අගයන්

(හයවන ළිපිය)

Refractometer එකෙන් අංකයක් ලැබුනට වැඩක් නෑ, ඒ අංකය කුමණ මැණිකටද අයත්දැයි කියලා දන්නේ නැත්නම්. මේ අංක ටික හරියට ඔබේ ගෙදර අයගේ ෆෝන් නම්බර් වගේ කටපාඩම් තියෙන්න ඕනේ.

📝 අත්‍යවශ්‍ය RI Chart එක:

නිල් මැණික් / රූබි (Corundum) 1.76 - 1.77
ස්පිනල් (Spinel) 1.718
ක්‍රිසොබෙරිල් (Cat's Eye) 1.74 - 1.75
ටුවර්මලින් (Tourmaline) 1.62 - 1.64
ටොපෑස් (Topaz) 1.61 - 1.62
ක්වාට්ස් (Quartz) 1.54 - 1.55
වීදුරු (Glass) ~ 1.50
⚠️ විශේෂ සටහන (OTL - Over The Limit)

ඔබට ලැබෙන අංකය 1.81 (දියරයේ අගය) ළඟටම ඇවිත් නතර වුනාද? ඒ කියන්නේ ඔබේ ගලේ අගය යන්ත්‍රයට දරන්න පුළුවන් සීමාවට වඩා වැඩියි.

එය දියමන්ති (2.41), සර්කෝන් (High Zircon - 1.92) හෝ CZ (2.15) විය හැක.

👉 ඊළඟ ලිපියෙන්:

මැණිකක "අදුරු කලාප දෙකක" ඉරි එකක් නොව දෙකක් පේනවා නම්...

Birefringence (ද්විත්ව වර්තනය) ගැන කතා කරමු.

Leave a Comment

You may also like