6
තනි ඉරේ රහස
Single Refraction (SR) ගල් වෙන් කරමු (අටවන ළිපිය)
සමහර ගල් වලට ආලෝකය දෙකට බෙදන්න බැහැ. ඒවා කොහොම බැලුවත් පෙන්වන්නේ තනි ඉරක් විතරයි.
☝️ SR ගල් වර්ග 2යි:
🧊 1. Isometric System (ඝනක පද්ධතිය)
ඉතාම සමමිතික ස්ඵටික.
උදා: ස්පිනල්, ගානට්, දියමන්ති.
🫧 2. Amorphous (ස්ඵටික නොවන)
නිශ්චිත හැඩයක් නැති දේවල්.
උදා: වීදුරු, ප්ලාස්ටික්, ඕපල්.
⚙️ ප්රායෝගික පරීක්ෂාව:
- ගල යන්ත්රය උඩ තියන්න.
- පොලරොයිඩ් (Polaroid) ෆිල්ටරය කරකවන්න.
ඉර එහා මෙහා යන්නේ නැතුව, "ගල් ගැහුනා වගේ" එක තැනම තියෙනවා නම් 👉 එය SR ගලක්.
🚨 වංචාවන් හෙළි කිරීම
ඔබට "නිල් මැණික්" (Sapphire) කියලා ගලක් දෙනවා. RI අගය 1.76 එනවා කියමු.
(සමහර නිල් වීදුරු 1.70-1.76 එන්න පුළුවන්).
නමුත් ඔබ ෆිල්ටරය කරකවද්දී ඉර හෙලවෙන්නේ නැත්නම් (SR), පරිස්සම් වෙන්න! නියම නිල් මැණික් අනිවාර්යයෙන්ම DR (ඉරි දෙකක්) විය යුතුයි.
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
