9
රූබි වල සැඟවුණු නිල් එළිය
Glass Filling (Flash Effect) සොයමු (දහහතරවන ළිපිය)
අපි කලින් කතා කළා රූබි වල ඉරිතැලීම් වසන්න "ඊයම් වීදුරු" (Lead Glass) පුරවන බව. මෙය අන්වීක්ෂයෙන් තත්පරෙන් අල්ලන්න පුළුවන්.
⚡ Flash Effect (විදුලි එළිය):
අන්වීක්ෂය යට ගල තියලා, ලයිට් එක දාලා ගල හිමින් එහාට මෙහාට කරකවන්න. ගලේ ඉරිතැලීම් දිහා බලාගෙන ඉන්න.
- එක පාරටම ඉරිතැලීම දිගේ "තද නිල්" (Electric Blue) හෝ "තැඹිලි" (Orange) පාට එළියක් විදුලිය වගේ ඇවිත් යනවා නම්...
- 👉 ඒක Glass Filled!
🫧 2. වීදුරු බුබුළු (Bubbles)
💎
ස්වභාවික රූබි
ස්වභාවික ගලක් ඇතුළේ කිසිවිටකත් රවුම් බුබුළු තියෙන්න බැහැ.
🫧
Glass Filled
පුරවපු වීදුරු අස්සේ හිර වුනු වායු බුබුළු සහ පැතලි වීදුරු පාරවල් පෙනෙන්නට පුළුවන්.
💡 ව්‍යාපාරික උපදෙස:
මේ Flash Effect එක දැක්කොත් ඒ ගලට ලොකු ගාණක් ගෙවන්න එපා.
ඒක "Composite Ruby" (වීදුරු මිශ්‍ර රූබි) එකක්.
සැකසුම : අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
