වතුරේ පාවෙන ගල් තිබේද?
සාමාන්‍යයෙන් මැණික් ගල් වතුරට දැම්මම "බුග්" ගාලා යට යනවා. මොකද ඒවා වතුරට වඩා බරයි (SG > 1.00). නමුත් ඇම්බර් (Amber) කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ජාතියක්.
ඇම්බර් කියන්නේ තාක්ෂණිකව "ගලක්" නෙවෙයි. මෙය මීට වසර මිලියන ගණනකට පෙර ගස් වලින් ගැලූ "ලාටු" (Resin) ෆොසිල බවට පත් වීමෙන් හැදුනු දෙයක්.
එහි SG අගය ඉතාම අඩුයි: 1.05 - 1.09 පමණ. (වතුරේ බර 1.00 යි).
ඒ කියන්නේ ඇම්බර් වතුරට වඩා චූට්ටයි බර.
වෙළඳපොලේ තියෙන ප්ලාස්ටික් හෝ වීදුරු වලින් හැදූ "බොරු ඇම්බර්" වලට අහුවෙන්නේ නැතුව ඉන්න මේ පරීක්ෂාව කරන්න.
- 🥃 වතුර වීදුරුවක් ගන්න.
- 🧂 එයට මේස ලුණු (Table Salt) හැඳි 7-8ක් දමා හොඳට දිය කරන්න. (සාන්ද්‍රණය වැඩි කරන්න).
- 🤏 දැන් සැක සහිත ඇම්බර් කැබැල්ල ඊට දාන්න.
ලුණු වතුරේ ඝනත්වය වැඩි නිසා, නියම ඇම්බර් කැබැල්ල වතුර මතුපිට...
පාවෙන්න ගන්නවා (Floats) ⬆️වීදුරු සහ බොහෝ ප්ලාස්ටික් වර්ග ලුණු වතුරට වඩා බරයි. ඒ නිසා ඒවා වීදුරුවේ...
අඩියටම ගිලී යනවා (Sinks) ⬇️ඔබ ළඟ තියෙන ඇම්බර් මාලයක් තියෙනවා නම්, අදම ලුණු වතුර ටිකක් හදලා දාලා බලන්න පාවෙනවාද කියලා!
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි.........
