29
දිලිසෙනවාද? හැංගෙනවාද?
විනාඩි 5න් ගල් තොගයක් තෝරන "බ්ලින්ක් ටෙස්ට්" (Blink Test) එක - (තුන්වන ලිපිය)
අපි කලින් ලිපියේදී පෝලරිස්කෝප් එකේ ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම "කළු කරගත්තා" (Crossed Polars) මතකනේ? දැන් මුළු වීදුරුවම අඳුරුයි. දැන් අපි මේ අඳුර මැද්දට මැණික් ගලක් දාලා බලමු.
⚙️ පරීක්ෂාව කරන විදිය:
- ගල පෝලරිස්කෝප් එකේ පහළ වීදුරුව මත තබන්න.
- දැන් උඩින් බලන ගමන්, ඔබේ ඇඟිල්ලෙන් ගල හිමින් හිමින් වටේට කරකවන්න (Rotate 360 degrees).
ඔබට ප්රතිඵල දෙකකින් එකක් ලැබෙනු ඇත:
👻 ප්රතිඵලය 1: SR ගල්
නිගමනය: මෙය තනි වර්තන (SR) ගලකි. විය හැකි ගල්: ස්පිනල්, ගානට්, දියමන්ති හෝ වීදුරු.
ඔබ ගල කොච්චර කැරකැව්වත්, ගල කළුවරේම ඉන්නවා නම් (හෝ යාන්තම් අඳුරු එළියක් විතරක් පෙනේ නම්), එයින් අදහස් වෙන්නේ ඒ ගල ආලෝකයට කිසිම බලපෑමක් කරන්නේ නෑ කියන එකයි.
නිගමනය: මෙය තනි වර්තන (SR) ගලකි. විය හැකි ගල්: ස්පිනල්, ගානට්, දියමන්ති හෝ වීදුරු.
✨ ප්රතිඵලය 2: DR ගල්
නිගමනය: මෙය ද්විත්ව වර්තන (DR) ගලකි. විය හැකි ගල්: රූබි, නිල් මැණික්, ටුවර්මලින්,ටොපෑස්,ක්වාට්ස් 💡 සටහන: සම්පූර්ණ වටයක් කරකවන විට 4 වතාවක් එළිය වීම සහ 4 වතාවක් අඳුරු වීම සිදු වේ (සෑම අන්ශක 45 කට වතාවක්ම).
ඔබ ගල කරකවන විට, එය වරින් වර හොඳටම එළිය වෙලා (Bright), ආපහු කළුවර වෙනවා නම් (Dark), හරියට වාහනයක සිග්නල් ලයිට් එකක් වගේ "නිවි නිවි පත්තු වෙනවා" නම්;
නිගමනය: මෙය ද්විත්ව වර්තන (DR) ගලකි. විය හැකි ගල්: රූබි, නිල් මැණික්, ටුවර්මලින්,ටොපෑස්,ක්වාට්ස් 💡 සටහන: සම්පූර්ණ වටයක් කරකවන විට 4 වතාවක් එළිය වීම සහ 4 වතාවක් අඳුරු වීම සිදු වේ (සෑම අන්ශක 45 කට වතාවක්ම).
💰 ව්යාපාරික වාසිය:
ඔබට මිශ්ර ගල් පාර්සලයක් ලැබුණොත්, විනාඩි 5ක් ඇතුළත පෝලරිස්කෝප් එකෙන් බලලා "දිලිසෙන ගල්" (වටිනා රූබි/සැෆයර් විය හැකි) සහ "අඳුරු ගල්" (අඩු වටිනාකම් ඇති ස්පිනල්/ගානට්/වීදුරු) වෙනම ගොඩවල් දෙකකට බෙදාගන්න පුළුවන්.
ලේසියි නේද?
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි.......