ගල දියරයක ගිල්වා බැලීම (Immersion method)
ඔබ කවදාහරි අහලා තියෙනවද මැණික් විද්‍යාඥයෝ ගල් තෙල් වීදුරුවක ගිල්වලා බලනවා කියලා? මෙය ඉතාම වැදගත් පරීක්ෂාවකි.
ගලක් නිකන් බලද්දී, එහි මතුපිටින් එළිය පරාවර්තනය වෙනවා (Surface Glare). ඒ නිසා ඇතුළ හරියට පේන්නේ නෑ.
නමුත් ගලට ගැලපෙන දියරයක (උදා: Baby Oil හෝ Methylene Iodide) ගිල්වූ විට, මතුපිට පරාවර්තනය නැති වී ගල "අදෘශ්‍යමාන" (Disappear) වෙනවා.
ඉතිරි වෙන්නේ ඇතුළේ තියෙන දේ විතරයි!
🕵️ මේකෙන් හොයන දේවල්:
සමහර නිල් මැණික් වලට පිටතින් පාට පොවනවා (Surface Diffusion). ගල තෙල් එකේ ගිල්වලා බැලුවම, ගල වටේට තද නිල් පාට ඉරක් (Colour Rim) පේනවා නම්, ඒක ඩිෆියුස් කරපු ගලක්.
ගලේ පාට හැදිලා තියෙන්නේ ඉරි විදිහටද (Colour banding) නැත්නම් මුළු ගලම එකම පාටද කියලා බලාගන්න පුළුවන්.
රූබි වල පුරවපු වීදුරු සහ ගල වෙන් වෙන මායිම පැහැදිලිව පෙනෙන්නේ මෙහෙම බැලුවමයි.
ඔබට මේ සඳහා වීදුරු කෝප්පයක් (Immersion Cell) සහ බේබි ඔයිල් (Baby Oil) ටිකක් තිබුණත් සෑහෙන වැඩක් කරගන්න පුළුවන්.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
