12
ඇක්වාමරීන් ද? ටොපෑස් ද?
පාට එක වුනාට "බර" අහසට පොළොව වගේ! (හතරවන ලිපිය)
ඔබට ලා නිල් පාට (Light Blue) ලස්සන ගලක් හම්බෙනවා. මේක වටිනාකම වැඩි ඇක්වාමරීන් ද? නැත්නම් වටිනාකම අඩු බ්ලූ ටොපෑස් ද?
පියවි ඇසට මේ දෙකම එක වගේ. ඩයික්රෝස්කෝප් එකෙනුත් ලොකු වෙනසක් හොයන්න අමාරුයි. නමුත් SG තරාදියට මේ දෙක පැහැදිලිවම වෙන් කරන්න පුළුවන්.
ඇක්වාමරීන්
(Aquamarine)
මෙය සැහැල්ලු ගලක්.
(හරියට ඇලුමිනියම් වගේ).
SG 2.72
(Range: 2.65 - 2.80)
ටොපෑස්
(Topaz)
මෙය බර ගලක්.
(හරියට යකඩ වගේ).
SG 3.53
(Range: 3.50 - 3.56)
⚖️ සරල උදාහරණයක් (Heft):
ඔබ එකම සයිස් එකේ (උදා: මිලිමීටර් 10x10) ඇක්වාමරීන් ගලක් සහ ටොපාස් ගලක් අතට ගත්තොත්...
ටොපාස් ගල අතට දැනෙන බර (Heft) වැඩියි ඇක්වාමැරීන් ගලට වඩා. (නමුත් අතින් බලනවාට වඩා තරාදියෙන් බලන එක 100%ක් ෂුවර්).
💼 ව්යාපාරික උපදෙස:
කවුරුහරි "මේක ඇක්වාමරීන්" කියලා ගලක් දෙනවා. ඔබ SG බලද්දී 3.50ක් විතර එනවා නම්...
රැවටෙන්න එපා! ඒක ටොපෑස්.
(මිල ගොඩක් අඩු වෙන්න ඕනේ).
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි.........
