www.manikgal.lk

ගල දියරයක ගිල්වා බැලීම (Immersion method) – පියවි ඇසට මායාවක්!

by Asanga Gunathilaka
0 comments 3 mins read

ගල දියරයක ගිල්වා බැලීම (Immersion method)

පියවි ඇසට මායාවක්! (හයවන ලිපිය)

ඔබ කවදාහරි අහලා තියෙනවද මැණික් විද්‍යාඥයෝ ගල් තෙල් වීදුරුවක ගිල්වලා බලනවා කියලා? මෙය ඉතාම වැදගත් පරීක්ෂාවකි.

⚗️ ඇයි ගිල්වන්නේ?

ගලක් නිකන් බලද්දී, එහි මතුපිටින් එළිය පරාවර්තනය වෙනවා (Surface Glare). ඒ නිසා ඇතුළ හරියට පේන්නේ නෑ.

නමුත් ගලට ගැලපෙන දියරයක (උදා: Baby Oil හෝ Methylene Iodide) ගිල්වූ විට, මතුපිට පරාවර්තනය නැති වී ගල "අදෘශ්‍යමාන" (Disappear) වෙනවා.

✨ Science: RI (Refractive Index) එක සමාන කිරීම

ඉතිරි වෙන්නේ ඇතුළේ තියෙන දේ විතරයි!

🕵️ මේකෙන් හොයන දේවල්:

🔵
Diffusion Treatment

සමහර නිල් මැණික් වලට පිටතින් පාට පොවනවා (Surface Diffusion). ගල තෙල් එකේ ගිල්වලා බැලුවම, ගල වටේට තද නිල් පාට ඉරක් (Colour Rim) පේනවා නම්, ඒක ඩිෆියුස් කරපු ගලක්.

🌈
Colour Zoning

ගලේ පාට හැදිලා තියෙන්නේ ඉරි විදිහටද (Colour banding) නැත්නම් මුළු ගලම එකම පාටද කියලා බලාගන්න පුළුවන්.

🕸️
Glass Filling

රූබි වල පුරවපු වීදුරු සහ ගල වෙන් වෙන මායිම පැහැදිලිව පෙනෙන්නේ මෙහෙම බැලුවමයි.

💡 DIY Hack:

ඔබට මේ සඳහා වීදුරු කෝප්පයක් (Immersion Cell) සහ බේබි ඔයිල් (Baby Oil) ටිකක් තිබුණත් සෑහෙන වැඩක් කරගන්න පුළුවන්.

👉 ඊළඟ ලිපියෙන්:

Filters භාවිතය

අපි කතා කරමු Polarizing සහ Diffuser ෆිල්ටර් භාවිත කරන්නෙ කොහොමද කියලා.

Leave a Comment

You may also like