www.manikgal.lk

මැණිකේ “ඇස” (Optic Figure) සොයමු – කොනොස්කෝප් (Conoscope)  එකෙන් ක්වාට්ස් සහ සෆයර් වෙන් කරන හැටි

by Asanga Gunathilaka
0 comments 3 mins read

මැණිකේ "ඇස" (Optic Figure) සොයමු

කොනොස්කෝප් එකෙන් ක්වාට්ස් සහ සෆයර් වෙන් කරන හැටි (අවසාන ලිපිය)

ඔබ පෝලරිස්කෝප් එක ගද්දි, ඒකත් එක්ක පොඩි වීදුරු බෝලයක් තියෙන කූරක් (Glass Rod / Sphere) ලැබුණා නේද? ගොඩක් අය මේක පැත්තකට දාලා තියෙන්නේ.

නමුත් මේකෙන් පුළුවන් මැණිකක් ඇතුළේ තියෙන රහස් සලකුණක් වන "ඔප්ටික් ෆිගර්" (Optic Figure) එක බලාගන්න.

විශේෂයෙන්ම සුදු නිල් මැණික් (White Sapphire) සහ සුදු ක්වාට්ස් (White Quartz) වෙන් කරගන්න මේක ඉතාම වැදගත්.

🔮 කොහොමද මේක පාවිච්චි කරන්නේ?

1
අඳුරු තැන සොයන්න: පෝලරිස්කෝප් එක "කළු කර" (Crossed Polars), ගල කරකවද්දී ගල සම්පූර්ණයෙන්ම අඳුරු වන තැනක් හෝ අඩුවෙන්ම දිලිසෙන තැනක් (Optic Axis) සොයාගන්න.
2
කූර තියන්න: දැන් අර වීදුරු බෝලය (Conoscope) කෙලින්ම ගල උඩින් තියන්න.
3
බලන්න: දැන් වීදුරු බෝලය තුළින් එබී බලන්න. ඔබට දේදුන්නක් වගේ රවුම් මැද "කළු පාට කුරුසයක්" (Black Cross) පෙනේවි.
නිල් මැණික් / රූබි

මෙහි පෙනෙන්නේ සම්පූර්ණ කළු කුරුසයකි (+).

කුරුසයේ ඉරි දෙක මැදදී එකිනෙක හමු වේ.
(Standard Uniaxial Cross).

ක්වාට්ස් (Quartz)

මෙහි පෙනෙන්නේ "බුල්ස් අයි" (Bullseye) එකකි.

එනම්, කළු කුරුසයේ මැද කොටස කැඩිලා, හරියට "ඩෝනට්" එකක් වගේ මැද හිස්ව පවතී. ඉරි එකිනෙක ස්පර්ශ නොවේ.

💎 වැදගත්කම:

වෙළඳපොලේ ඇති "වයිට් සෆායර්" කියලා විකුණන ගල්, ඇත්තටම වටිනාකම අඩු "ක්වෝට්ස්" වෙන්න පුළුවන්. මේ පොඩි වීදුරු බෝලෙන් බලලා මැද "හිලක්" (Open Center) පෙනුනොත්, ඒක අනිවාර්යයෙන්ම ක්වෝට්ස්!

👉 ඊළඟ ලිපිය:

පුන්චි ඉගියක් දෙන්නම්...

"සාක්කුවේ දාගෙන යන්න පුලුවන් මැජික් කවුළුවක් ගැන ඔබ අහලා තියෙනවාද?"

Leave a Comment

You may also like