චෙල්සි ෆිල්ටරය හැදුනු නියම හේතුව ඔබ දන්නවාද?
චෙල්සි ෆිල්ටරය ලෝකෙට බිහි වුනේම මේ වැඩේට. ඒ තමයි වටිනා එමරල්ඩ් (Emerald) සහ අනෙකුත් කොළ පාට ගල් වෙන් කරගන්න.
ඔබ දන්නවාද? හැම කොළ පාට ගලක්ම එමරල්ඩ් නෙවෙයි. කොළ පාට ටුවර්මලින්, පෙරිඩොට්, සහ කොළ පාට වීදුරු වෙළඳපොලේ ඕන තරම් තියෙනවා.
ස්වභාවික එමරල්ඩ් (විශේෂයෙන්ම කොලොම්බියන්) වල "ක්‍රෝමියම්" බහුලයි.
ඔබ ෆිල්ටරයෙන් බලන විට, කොළ පාට එමරල්ඩ් ගල:
🔴 රෝස හෝ රතු පාටට පෙනේ!Tourmaline / Peridot: මේවායේ ක්‍රෝමියම් නැත.
ඒ නිසා ෆිල්ටරයෙන් බැලුවත් ඒවා:
🟢 කොළ පාටටම (Green) පේනවා"ඒක නිසා බැරිවෙලාවත් එමරල්ඩ් පාර්සලයක ටෝමලින් හරි පෙරිඩොට් හරි තිබුනොත් ඔබට කෙලින්ම ඒවා පාර්සලෙන් වෙන් කර ගන්න පුලුවනි."
සමහර කෘතීම එමරල්ඩ් (Synthetic Emerald) පවා ෆිල්ටරයට රතු වෙනවා.
ඒ නිසා ෆිල්ටරයෙන් පුළුවන් "එමරල්ඩ් ද? වෙන ගලක්ද?" කියලා හොයන්න විතරයි. ස්වභාවිකද කෘතීමද කියලා හොයන්න 10x කාචය හෝ අන්වීක්ෂය ඕන වෙනවා.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි..........
