ඕනෑවට වඩා දිලිසෙනවාද?
අපි කලින් ලිපියෙන් කතා කළා රූබි UV එළියට "ගිනි අඟුරු" වගේ දිලිසෙනවා කියලා.
දැන් ඔබට කවුරුහරි රූබි ගලක් පෙන්නනවා. ඔබ UV ටෝච් එක ඇල්ලුවම ඒක පිස්සු හැදෙන විදිහට...
හරියට රතු පාට ලේසර් ලයිට් එකක් වගේ ඇස් නිලංකාර වෙන්න දිලිසෙනවා.ඔබ හිතනවා: "ෂා! මාර ගලක්නේ. මේක නම් සුපිරිම ස්වභාවික රූබි එකක් වෙන්න ඇති."
ඇත්තටම ස්වභාවික රූබි වලට වඩා, ලැබ් එකේ හදන කෘතීම රූබි (Synthetic Ruby) UV එළියට අසීමිතව දිලිසෙනවා.
පොළොව යට හැදෙනකොට මේවාට ක්රෝමියම් වලට අමතරව "යකඩ" (Iron) මිශ්ර වෙනවා.
මේ යකඩ මගින් අර දිලිසෙන ගතිය තරමක් පාලනය කරනවා (Dimmer switch එකක් වගේ). ඒ නිසා ස්වභාවික ගලක දිලිසීම "ප්රසන්නයි, ගාණට තියෙන්නේ".
ලැබ් එකේ හදද්දී මේවා ඉතා පිරිසිදුයි. යකඩ ඇත්තේම නෑ.
ඒ නිසා ක්රෝමියම් වලට බාධාවක් නැතුව උපරිමයෙන් දිලිසෙනවා. එය බලන් ඉන්න අමාරු තරම් සැරයි (Violent / Unnatural Glow).
ඔබ ළඟ අනිවාර්යයෙන්ම ස්වභාවික බව දන්නා රූබි ගලක් (Master Stone) තියාගන්න. සැක සහිත ගල ඒ ළඟින් තියලා UV එක අල්ලන්න.
සැක සහිත ගල අනිත් ගලට වඩා අස්වාභාවික ලෙස, ලයිට් එළියක් වගේ දිලිසෙනවා නම්, එය 90%ක්ම කෘතීම (Verneuil Synthetic) වීමට ඉඩ ඇත.
බුරුමයේ (Burma/Myanmar) ලැබෙන ඉතා වටිනා සමහර රූබි වලත් යකඩ අඩු නිසා ඒවාත් තදින් දිලිසෙන්න පුළුවන්.
ඒ නිසා, ගලක් "ඕනෑවට වඩා දිලිසෙනවා" නම්, ඒක "කෘතීමයි" කියලා අයින් කරන්න එපා. හැබැයි අනිවාර්යයෙන්ම 10x කාචය හෝ අන්වීක්ෂය අරන් "කර්ව් ලයින්" (Curved Lines) තියෙනවාද කියලා චෙක් කරන්න.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි......
