මොසැම්බික් (Mozambique)
බුරුම රූබි "ආයෝජන භාණ්ඩයක්" (Investment Asset) වෙද්දී, මොසැම්බික් රූබි යනු අද ලෝකයේ "වාණිජ ආභරණ" (Commercial Jewelry) කර්මාන්තයේ කොඳු නාරටියයි.
යකඩ නිසා ගලේ ස්ඵටිකය ඉතා පිරිසිදු වේ (High Clarity).
බුරුම ගල් වල තියෙන "කිරි ගතිය" හෝ දෝෂ මොසැම්බික් ගල් වල අඩුයි. ඔබට ඉතා පිරිසිදු, වීදුරුවක් වැනි ගල් හමුවේ.
යකඩ විසින් UV දිලිසීම යම් තරමකට උරා ගනී. ඒ නිසා මේවා බුරුම ගල් තරම් "ගිනි අඟුරු" වගේ දිලිසෙන්නේ නැත.
(නමුත් හොඳ මොසැම්බික් ගල් වල තද, ආකර්ෂණීය රතු පැහැයක් ඇත).
ලෝකයේ දැනට සොයාගෙන ඇති විශාලතම රූබි නිධිය මෙයයි. මෙය පාලනය කරන්නේ Gemfields වැනි මහා පරිමාණ සමාගම් විසිනි.
ඔවුන් ක්‍රමානුකූලව වෙන්දේසි (Auctions) පවත්වන නිසා වෙළඳපොල මිල ස්ථාවරව පවතී.
මොසැම්බික් ගල් වල බොහෝ විට පැතලි, රවුම් හැඩැති කුඩා ස්ඵටික (Platelets / Fringed Inclusions) දැකිය හැක.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
