29
ඩොලර් දහස් ගණනක උපකරණය මේසයට සවි කරමු
නිවැරදි ඉරියව් සහ Setup එක (හතරවන ලිපිය)
අන්වීක්ෂයක් ගත්තා වගේ නෙවෙයි, ඒක පරිහරණය කරන්න ඕන කොන්ද කැඩෙන්නේ නැති වෙන්න. ගොඩක් අය මේක වරද්ද ගන්නවා.
⚙️ Ergonomics (ශරීර ඉරියව්)
🪑 උස (Height)
අන්වීක්ෂය තියෙන මේසය සහ ඔබේ පුටුව ගැලපෙන්න ඕනේ.
ඔබ කොන්ද කෙලින් තියාගෙන බලද්දී, ඔබේ ඇස් මට්ටම හරියටම Eyepieces (ඇස තබන කාච) මට්ටමේ තියෙන්න ඕනේ.
(නැත්නම් විනාඩි 10ක් බලද්දී බෙල්ල රිදෙන්න ගන්නවා).
👀 IPD Adjustment
අපි හැමෝගෙම ඇස් දෙක අතර දුර වෙනස්. අන්වීක්ෂයේ කාච දෙක ඈත් කරලා හෝ ළං කරලා...
ඔබට රවුම් දෙකක් වෙනුවට "තනි රවුමක්" පෙනෙන තැනට හදාගන්න.
(මේක හරියට කළේ නැත්නම් ඔළුව කැක්කුම එනවා).
💎 Stone Holder භාවිතය
⚠️ The flying stone hazard!
-
❌
ගල අල්ලද්දී කම්බි කූරු (Tweezers) වලින් ගලට තද කරන්න එපා. ගල විසි වෙලා යන්න පුළුවන්.
-
✅
මෘදු ලෙස ගලේ "පටියෙන්" (Girdle) එකෙන් අල්ලන්න.
-
🔄
Holder එක කරකවමින් ගල අංශක 360ක්ම බලන්න පුළුවන් වෙන්න ඕනේ.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
