16
යන්ත්‍රය හඳුනාගමු
"කහ එළියේ" සහ "මෘදු වීදුරුවේ" රහස (දෙවන ළිපිය)
Refractometer එක පාවිච්චි කරන්න කලින් එහි කෑලි ටික හඳුනාගමු. මෙය ඉතා සංවේදී උපකරණයක්.
⚙️ ප්‍රධාන කොටස්:
🔮 Hemicylinder (අර්ධ සිලින්ඩරය)
යන්ත්‍රයේ මැද තියෙන පොඩි වීදුරු කෑල්ල. මෙය තමයි වටිනාම කොටස.
⚠️ අවවාදයයි:
මෙය හදලා තියෙන්නේ විශේෂ "ඊයම් වීදුරුවකින්" (Lead Glass). මෙය සාමාන්‍ය වීදුරු වලට වඩා මෘදුයි.
මැණික් ගලක් මේකේ හයියෙන් ඇතිල්ලුවොත් මේ වීදුරුව සීරෙනවා (Scratch). එතකොට යන්ත්රයම ඉවරයි!
📏 Scale (පරිමාණය)
ඇතුලෙන් බලද්දී පෙනෙන ඉලක්කම් පේළිය (1.30 සිට 1.81 දක්වා).
💡 Light Source (ආලෝකය)
මේ සඳහා පාවිච්චි කරන්නේ විශේෂ "කහ පාට" (Monochromatic Sodium) එළියක් (589nm).
🤔 ඇයි කහ පාට?
සුදු එළිය දැම්මොත් RI ඉර දේදුන්නක් වගේ පාට පාටින් පෙනිලා කියවන්න අමාරු වෙනවා.
කහ එළියෙන් තමයි ඉර "කළු සහ කහ" ලෙස පැහැදිලිව පෙනෙන්නේ.
💡 ඔබ යන්ත්‍රය ගන්නකොට බලන්න පිටිපස්සේ පොඩි කහ පාට ලයිට් එකක් එන එකක්ද කියලා. නැත්නම් වෙනම ලයිට් එකක් ගන්න වෙනවා.
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
