20
පාට බොරු කිව්වට ආලෝකය බොරු කියන්නේ නෑ
Refractometer කියන්නෙ කුමක්ද? (පළමු ලිපිය)
🤔 ඔබට රතු පාට ගලක් ලැබෙනවා...
"මේක රූබි ද? ස්පිනල් ද? ගානට් ද? නැත්නම් වීදුරු ද?" මේ ඔක්කොම රතු පාටයි. ඇහැට පේන්නේ එක වගේ.
නමුත් මේ හැම ගලක්ම ආලෝකය හසුරුවන වේගය (Speed of Light) එකිනෙකට වෙනස්.
🌈 මොකක්ද මේ RI (Refractive Index)?
ආලෝකය ගලක් හරහා යද්දී එහි වේගය අඩු වෙලා, ආලෝකය නැවෙනවා (Bend). මේ නැවෙන ප්‍රමාණය මනින මිනුම් දණ්ඩ තමයි RI අගය.
💧 ජලය (1.33)
🥃 වීදුරු (1.50)
💎 ටොපාස් (1.61)
🔷 නිල් මැණික් (1.76)
✨ දියමන්ති (2.41)
ගොඩක් නැවෙනවා
🔬 ❤️
මැණික් ලැබ් එකක "හදවත"
ගලේ පාට, බර, හැඩය මොකක් වුනත්, RI අගය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. එය ගලේ "ජාතික හැඳුනුම්පත් අංකය" (Fingerprint) වගේ ස්ථිරයි.
විනාඩියක් ඇතුළත ගලේ ජාතිය (Species) හරියටම කියන්න මේ මැෂින් එක ඉගෙන ගන්නම ඕනේ.
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
