www.manikgal.lk

ලංකාවට අභියෝග කරන මැඩගස්කර් මැණික් වල වෙනස – අන්වීක්ෂයෙන් සොයමු

by Asanga Gunathilaka
0 comments 3 mins read

ලංකාවට අභියෝග කරන මැඩගස්කර් මැණික් වල වෙනස

අන්වීක්ෂයෙන් සොයමු (දහසයවන ළිපිය “අවසාන ළිපිය”)

ලංකාවේ ගල් සහ මැඩගස්කර් ගල් වෙන් කරන්න අමාරුයි කියලා අපි දන්නවා. නමුත් අන්වීක්ෂයට අහුවෙන පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.

🇲🇬 මැඩගස්කර් ලක්ෂණ:

🍇

1. සර්කෝන් පොකුරු (Zircon Clusters)

ලංකාවේ ගල් වල සර්කෝන් තියෙන්නේ තනි තනිව (Isolated). නමුත් මැඩගස්කර් ගල් වල මේ සර්කෝන් ස්ඵටික එක තැන "පොකුරු" (Clusters) විදිහට හැදිලා තියෙනවා දකින්න පුළුවන්.

☁️

2. වලාකුළු ස්වභාවය (Cloudy Zoning)

මැඩගස්කර් ගල් වල වර්ණ කලාප (Color zoning) වල අමුතු "මීදුම්" හෝ "කිරි" ගතියක් (Milky Clouds) දකින්න පුළුවන්. ලංකාවේ ගල් මීට වඩා පැහැදිලියි (Crisp).

⚠️ වැදගත් පාඩම:

අන්වීක්ෂයෙන් Origin බලන එක අත්දැකීම් බහුල වැඩක්. සමහර වෙලාවට ලංකාවේ ගල් වලත් මැඩගස්කර් ලක්ෂණ තියෙන්න පුළුවන්.

ඒ නිසා කෝටි ගණන් වටිනා ගලක් නම්, අන්වීක්ෂය විතරක් මදි, අපි කලින් කතා කරපු ED-XRF (රසායනික විශ්ලේෂණය) වගේ මැෂින් එකක් ඕන වෙනවා.


නමුත් එදිනෙදා බිස්නස් එකට අන්වීක්ෂය තමයි ඔබේ හොඳම මිතුරා!

✨ ඊළඟ ලිපි මාලාව ආරම්භය ✨

අපි කතා කරමු ලැබ් එකක හදවත බඳු වූ...

රෙෆ්‍රෙක්ටොමීටරය (Refractometer)

ගැන සම්පූර්ණයෙන්ම ඉගෙන ගනිමු.

Leave a Comment

You may also like