www.manikgal.lk

මැණික් ව්‍යාපාරිකයෙකුගේ “තුන්වන ඇස”

by Asanga Gunathilaka
0 comments 3 mins read

මැණික් ව්‍යාපාරිකයෙකුගේ "තුන්වන ඇස"

10x අත් කාචය (Loupe) ඔබට අත්‍යවශ්‍ය ඇයි?

(පළමු කොටස)

රළු මැණික් ගැණුම්කරුවෙකුට තිබිය යුතු වටිනාම ආයුධය කුමක්ද? ඒ ඔබේ සාක්කුවේ තිබෙන 10x Loupe එක (අත් කාචය) යි.

බොහෝ දෙනෙක් ගලක් අතට ගත් සැණින් එය ඉර එළියට අල්ලා බැලුවද, ගලෙහි නියම තත්ත්වය (True Clarity) සහ ස්වභාවය පියවි ඇසට හසු නොවේ. ඔබ මිලදී ගැනීමට හෝ විකිණීමට යන ගල ගැන තීරණයක් ගැනීමට පෙර 10x කාචයක් භාවිතා කිරීමෙන් ඔබට බේරාගත හැකි පාඩුව අති විශාලය.

10x කාචයකින් ඔබට බලාගත හැකි රහස් මොනවාද?

1 පිපිරීම් සහ දෝෂ හඳුනා ගැනීම

පියවි ඇසට ඉතා පිරිසිදු ලෙස පෙනෙන ගලක් ඇතුළත, කපන විට මතුවිය හැකි සියුම් පැලුම් (Feathers) හෝ දෝෂ තිබිය හැක. 10x කාචයෙන් මේවා කලින්ම දැකීමෙන්, ගල කැපීමෙන් පසු ඉතිරි වන ප්‍රමාණය (Yield) ගැන නිවැරදි තක්සේරුවක් කළ හැක.

2 ස්වභාවිකද? කෘතීමද?

වෙළඳපොලේ බහුලව ඇති වීදුරු හෝ කෘතීම ගල් වල බොහෝ විට වායු බුබුළු (Gas Bubbles) දක්නට ලැබේ. නමුත් ස්වභාවික මැණික් වල ඇත්තේ ස්ඵටික (Crystal Inclusions) ය. මෙම වෙනස 10x කාචයෙන් ඉතා පහසුවෙන් හඳුනාගත හැක.

3 ගෙවුඩ ගල් (Silky) පරීක්ෂා කිරීම

ගෙවුඩ ගල් පුච්චා නිල් කරගැනීමට (Heat Treatment) බලාපොරොත්තු වන අයෙක් නම්, ගල ඇතුළේ ඇති රූටයිල් නීඩ්ල්ස් (Rutile Needles) හෙවත් "දැල" පිහිටා ඇති ආකාරය බැලීම අනිවාර්ය වේ. මෙය පියවි ඇසට වඩා 10x කාචයෙන් පැහැදිලිව දැකගත හැක.

4 පිරවුම් හඳුනා ගැනීම

වර්තමානයේ බහුලව ඇති "Lead Glass Filled" රූබි වැනි ගල් හඳුනා ගැනීමට කාචය අත්‍යවශ්‍ය වේ. ගලෙහි පැලුම් අතර වීදුරු පුරවා ඇත්නම් ඊට ආවේණික "නිල්/තැඹිලි" වර්ණ දිලිසීමක් (Flash Effect) කාචය තුළින් දැකගත හැක.

සිතන්නට යමක්:

හොඳම ආයෝජනය වන්නේ මිල අධික ගලක් ගැනීම නොව, එය පරීක්ෂා කිරීමට හොඳ තත්ත්වයේ (Triplet) 10x කාචයක් මිලදී ගැනීමයි.


ඔබත් අදම Loupe එකක් භාවිතා කිරීමට පටන් ගන්න. ඒ ගැන ඔබට ඇති ගැටළු පහළින් Comment කරන්න.

Leave a Comment

You may also like