21
ලක්ෂ ගණන් වටින නිල් මැණිකක්ද? සෝඩා බෝතල් කෑල්ලක්ද?
නිල් වීදුරු වංචාව අතේ මාට්ටු! (තුන්වන ලිපිය)
පාරේ අයිනේ, පතල් වල හෝ අන්තර්ජාලයේ විකුණන්න තියෙන දීප්තිමත් නිල් පාට ගල්වලට ඔබ කවදාහරි රැවටිලා තියෙනවද?
"මේක පිරිසිදු නිල් මැණිකක් (Blue Sapphire)" කියලා විකුණන සමහර ගල්, ඇත්තටම "කොබෝල්ට් වීදුරු" (Cobalt Blue Glass) වෙන්න පුළුවන්. පියවි ඇසට මේ දෙකම එක වගේ පෙනුනත්, චෙල්සි ෆිල්ටරයට මේ බොරුව හංගන්න බෑ.
🕵️ පරීක්ෂා කරන හැටි:
🔦 1. හොඳ කහ පාට ආලෝකයක් ගලට අල්ලන්න.
🧐 2. චෙල්සි ෆිල්ටරය ඇසට තබා ගල දෙස බලන්න.
🔴 රතු පාටක්ද?
ගල එකපාරටම දීප්තිමත් රතු (Bright Red) පාටින් දිලිසෙනවා නම්, පරිස්සම් වෙන්න!
ඒ අනිවාර්යයෙන්ම කොබෝල්ට් මිශ්‍ර වීදුරු හෝ කෘතීම ස්පිනල් එකක්.
⚫ කොළ හෝ කළු පාටද?
ගල තද කොළ පාටට (Dark Green) හෝ කළු පාටට පෙනේ නම්, එය ස්වභාවික නිල් මැණිකක් වීමට වැඩි ඉඩක් ඇත.
(මන්ද නිල් මැණික් වල යකඩ ඇති නිසා රතු පාට මැඩ පවත්වයි).
සරල නීතිය:
නිල් ගලක් ෆිල්ටරයෙන් බලද්දී රතු වුනොත් ➔ ඒක බොරු (Fake)
නිල් ගලක් ෆිල්ටරයෙන් බලද්දී අඳුරු වුනොත් ➔ ඒක මැණික් (Real)
(සටහන: සමහර ලංකාවේ නිල් මැණික් යාන්තම් රතු වෙන්න පුළුවන්, නමුත් වීදුරු වගේ තද රතු වෙන්නේ නෑ කවමදාකවත්).
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි.........
