මඩ ගොඩේ පත්තු වෙන "ගිනි අඟුරු කැබැල්ල"
ඔබ රත්නපුරේ පැත්තේ ගියොත්, සමහර අයගේ අතේ පොඩි ටෝච් එකක් තියෙනවා දැකලා ඇති. ඒ නිකන්ම එළිය බලන්න නෙවෙයි. ඒ තමයි ඔවුන්ගේ "රූබි සෙවුම් යන්ත්‍රය".
රළු රූබි (Rough Ruby) කැටයක් සාමාන්‍ය එළියේදී දකින්නේ බොහොම අඳුරු, මඩ පාට ගැහුණු ගලක් විදිහට. ඉල්ලම් ගොඩක් හෝදනකොට මේක අතින් මගහැරෙන්න ලේසියි.
ඔබ මේ මඩ ගොඩට අර UV ටෝච් එක (365nm) ඇල්ලුවොත් පුදුම දෙයක් වෙනවා.
අර අඳුරු රූබි කැටය, හරියට ලිපෙන් එළියට ගත්තු...
"ගිනි අඟුරු කැබැල්ලක්" (Red Hot Coal)වගේ තද රතු පාටින් බබළන්න පටන් ගන්නවා.
රූබි වලට රතු පාට ලැබෙන්නේ "ක්‍රෝමියම්" (Chromium) නිසා බව අපි දන්නවා. මේ ක්‍රෝමියම් UV කිරණ වලට හරිම කැමතියි. එය UV එළිය උරාගෙන, ඉතා ප්‍රබල රතු එළියක් (Strong Red Fluorescence) ආපහු විසි කරනවා.
🛠️ ප්‍රායෝගික භාවිතය:
ඉල්ලම් හෝදනකොට පොඩි රතු කෑල්ලක්වත් මිස් නොවී අල්ලගන්න මේක පාවිච් කරන්න පුලුවනි.
ඔබට රතු ගල් පාර්සලයක් ලැබුණොත්, UV එක අල්ලන්න.
- "ගානට්" (Garnet): දිලිසෙන්නේ නෑ ❌
- රූබි / ස්පිනල්: හොඳට දිලිසෙනවා ✅
ලංකාවේ සහ බුරුමයේ රූබි හොඳට දිලිසෙනවා. ඒත් තායිලන්තයේ හෝ අප්‍රිකාවේ සමහර රූබි වල යකඩ (Iron) වැඩි නිසා ඒවා UV එකට වැඩිය දිලිසෙන්නේ නෑ.
ඒ නිසා "දිලිසෙන්නේ නෑ කියන්නේ රූබි නෙවෙයි" කියලා තීරණය කරන්න එපා. නමුත් හොඳට දිලිසෙනවා නම්, ඒක අනිවාර්යයෙන්ම හොඳ රූබි එකක්!
ඔබ ළඟ රූබි එකක් තියෙනවා නම් අද රෑට කාමරේ ලයිට් ඕෆ් කරලා UV ටෝච් එකක් අල්ලලා බලන්න.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි......
