www.manikgal.lk

ඇයි මගේ ගණන් වැරදුනේ? – SG පරීක්ෂාව විනාශ කරන “වායු බුබුළු” (Air Bubbles)

by Asanga Gunathilaka
0 comments 3 mins read

ඇයි මගේ ගණන් වැරදුනේ?

SG පරීක්ෂාව විනාශ කරන "වායු බුබුළු" (Air Bubbles) - (අවසාන ලිපිය)

ඔබ SG Kit එක හදාගෙන, ගල කිරලා, සූත්‍රයෙනුත් හදලා බලනවා. නිල් මැණිකක් (4.00) එන්න ඕන තැනට උත්තරේ එන්නේ 3.80ක් වගේ.

"අපෝ මේ ක්‍රමය වැඩක් නෑ" කියලා ඔබ හිතනවා.

නමුත් වැරැද්ද ක්‍රමයේ නෙවෙයි. වැරැද්ද "බුබුළු" වල! 🫧

📉 වෙන්නේ මොකක්ද?
🫧💎🫧

ඔබ ගල වතුරට දාපු ගමන්, ගල මතුපිට කුඩා වායු බුබුළු (Air Bubbles) ඇලෙනවා. මේවා පියවි ඇසට පේන්නේ නැති තරම් පොඩියි.

මේ බුබුළු හරියට "ගලට අියාගත්තු ලයිෆ් ජැකට්" (Life Jackets) වගේ ක්‍රියා කරනවා.

එවිට ගල තරමක් ඉහළට ඔසවන නිසා, තරාදියේ "වතුරේ බර" අඩුවෙන් පෙන්වනවා. එවිට SG අගය වැරදෙනවා.

✅ මෙය නිවැරදි කරන හැටි:
🖌️
බුරුසුවක් පාවිච්චි කරන්න:
ගල වතුරට දැම්මට පස්සේ, කුඩා පින්සලකින් (Paint brush) වතුර ඇතුලෙදිම ගල වටේ හිමින් පිස දාන්න. එවිට බුබුළු කැඩී යයි.
👋
ගල සොලවන්න:
වතුර ඇතුලේ ගල හිමින් සොලවන්න.
🧼
සබන් වතුර (Pro Tip):
වතුර එකට දියර සබන් (Dish wash) බිංදුවක් දාන්න. සබන් මගින් වතුරේ ආතතිය (Surface Tension) අඩු කරන නිසා බුබුළු රැඳෙන්නේ නෑ.
💼 ව්‍යාපාරික උපදෙස:

SG පරීක්ෂාව කියන්නේ හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොඩි බුබුලක් නිසා කෝටි ගණනක තීරණයක් වැරදෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් කරන්න.

🎉 සුභ පැතුම්!

දැන් ඔබේ "ගෙදර මැණික් විද්‍යාගාරය" (Home Gem Lab) සම්පූර්ණයි!

අපි මේ වන විට ඉතා වටිනා තාක්ෂණික ලිපි රාශියක් ආවරණය කළා:

Loupe (කාචය)
Dichroscope (ඩයික්‍රෝස්කෝප්)
Spectroscope (ස්පෙක්ට්‍රෝස්කෝප්)
Polariscope (පෝලරිස්කෝප්)
Chelsea Filter (චෙල්සි ෆිල්ටර්)
UV Torch (UV ආලෝකය)
SG Kit (බර කිරන කට්ටලය)

මීලගට වෙනස්ම ලිපි මාලාවකින් නැවත හමුවෙමු.

Leave a Comment

You may also like